අවුරුදු නිවාඩුව අවසන්! රාජ්‍ය සේවය අද සිට සුපුරුදු පරිදි.. පාසල් වාරය ගැනත් අලුත් ආරංචියක්!
Wednesday, 15 April 2026 - 15:51 | Views - 2,304
අවුරුදු කෑම මේසයේ රස බලලා, නෑගම් ගිහින් සතුටු වුණු කාලය දැන් ඉවරයි වගෙයි නේද?

දින කිහිපයක් පුරා නිහඬ වෙලා තිබුණු ලංකාවේ රාජ්‍ය ආයතන සියල්ලම අද (15) ඉඳන් ආයෙමත් සක්‍රිය වෙන්න පටන් අරන් තිබෙනවා.


රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කියන විදියට අද වගේම හෙට සහ අනිද්දාත් සාමාන්‍ය විදියටම සියලුම රාජ්‍ය සේවකයින් තමන්ගේ රාජකාරි වල නිරත වෙන්න ඕනේ.

ඉතින් අද ඉඳන් ආයෙමත් ඔෆිස් වල පරණ කලබලය දකින්න ලැබෙන එක නම් නියතයි. ඔයත් රජයේ ඔෆිස් එකක වැඩක් කරගන්න ඉන්නවා නම් අද ඉඳන් ඒ වැඩේට යන්න පුළුවන්.


මේ අතරේ හැමෝම ඇඟිලි ගැන ගැන බලන් ඉන්නේ "ඉස්කෝලේ කවද්ද පටන් ගන්නේ?" කියලයි. ඒ ගැනත් අධ්‍යාපන අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා.

ඒ අනුව එළඹෙන අප්‍රේල් 20 වැනි සඳුදා ඉඳන් දිවයිනේ සියලුම පාසල් වල අධ්‍යයන කටයුතු ආයෙමත් ආරම්භ වුණා.


හැබැයි මෙතන තවත් සුවිශේෂී කරුණක් තිබෙනවා. මේ පටන් ගන්න පාසල් වාරය ජූලි මස 24 වැනිදා දක්වාම දික්වෙන බවයි වාර්තා වෙන්නේ.

ඒ කියන්නේ ඉදිරි මාස කිහිපයම අපේ නංගිලා මල්ලිලාට වගේම ගුරුවරුන්ටත් බොහොම කාර්යබහුල කාලයක් වෙයි කියලා හිතන්න පුළුවන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top