අවුරුදු නිවාඩුව අවසන්! රාජ්‍ය සේවය අද සිට සුපුරුදු පරිදි.. පාසල් වාරය ගැනත් අලුත් ආරංචියක්!
Wednesday, 15 April 2026 - 15:51 | Views - 2,305
අවුරුදු කෑම මේසයේ රස බලලා, නෑගම් ගිහින් සතුටු වුණු කාලය දැන් ඉවරයි වගෙයි නේද?
දින කිහිපයක් පුරා නිහඬ වෙලා තිබුණු ලංකාවේ රාජ්‍ය ආයතන සියල්ලම අද (15) ඉඳන් ආයෙමත් සක්‍රිය වෙන්න පටන් අරන් තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කියන විදියට අද වගේම හෙට සහ අනිද්දාත් සාමාන්‍ය විදියටම සියලුම රාජ්‍ය සේවකයින් තමන්ගේ රාජකාරි වල නිරත වෙන්න ඕනේ.
ඉතින් අද ඉඳන් ආයෙමත් ඔෆිස් වල පරණ කලබලය දකින්න ලැබෙන එක නම් නියතයි. ඔයත් රජයේ ඔෆිස් එකක වැඩක් කරගන්න ඉන්නවා නම් අද ඉඳන් ඒ වැඩේට යන්න පුළුවන්.
මේ අතරේ හැමෝම ඇඟිලි ගැන ගැන බලන් ඉන්නේ "ඉස්කෝලේ කවද්ද පටන් ගන්නේ?" කියලයි. ඒ ගැනත් අධ්‍යාපන අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා.
ඒ අනුව එළඹෙන අප්‍රේල් 20 වැනි සඳුදා ඉඳන් දිවයිනේ සියලුම පාසල් වල අධ්‍යයන කටයුතු ආයෙමත් ආරම්භ වුණා.
හැබැයි මෙතන තවත් සුවිශේෂී කරුණක් තිබෙනවා. මේ පටන් ගන්න පාසල් වාරය ජූලි මස 24 වැනිදා දක්වාම දික්වෙන බවයි වාර්තා වෙන්නේ.
ඒ කියන්නේ ඉදිරි මාස කිහිපයම අපේ නංගිලා මල්ලිලාට වගේම ගුරුවරුන්ටත් බොහොම කාර්යබහුල කාලයක් වෙයි කියලා හිතන්න පුළුවන්.
Share This Article