රත්තරන් මිල අහස උසට! අදත් රුපියල් 4,000කින් මිල ඉහළ යයි.
Wednesday, 15 April 2026 - 15:12 | Views - 446

අලුත් අවුරුදු කාලේ රත්තරන් බඩුවක් ගන්න හිතාගෙන ඉන්න අයට නම් අද (15) දින ආරංචි වුණේ ඒ තරම් හොඳ පුවතක් නෙවෙයි.
අද දවස ඇතුළත රන් මිල රුපියල් 4,000කින් පමණ ඉහළ ගිහින් තියෙනවා කියලා සමස්ත ලංකා ස්වර්ණාභරණ හිමියන්ගේ සංගමය පවසනවා.
මිල ගණන් වෙනස් වුණේ මෙහෙමයි. පසුගිය සතියේ රුපියල් 416,000කට තිබුණු කැරට් 22 රන් පවුමකින් නිමවපු බ්‍රේස්ලට් එකක මිල අද වෙනකොට රුපියල් 420,000ක් දක්වා ඉහළ ගිහින්.
ඒ වගේම රුපියල් 406,000කට තිබුණු කැරට් 22 රන් මාලයක මිල අද රුපියල් 410,000ක් වෙනවා.
කැරට් 24 රන් පවුමක මිලත් රුපියල් 402,000ක් දක්වා වැඩි වෙලා තියෙනවා. බලන්නකෝ, මේ මිල ගණන් එක්ක රත්තරන් බඩුවක් ගන්නවා කියන එක දැන් ලේසි වැඩක් නෙවෙයි නේද?
සමස්ත ලංකා ස්වර්ණාභරණ හිමියන්ගේ සංගමයේ ලේකම් ආර්. බාලසුබ්‍රමනියම් මහතා පවසන විදිහට මේකට හේතු දෙකක් තිබෙනවා.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිල දිගින් දිගටම ඉහළයාම හා අපේ රටේ රුපියල අවප්‍රමාණය වීම මේ රන්මිල වැඩි වීමට සෘජුවම බලපානවා.
පසුගිය සතියේ මුලදීත් රුපියල් 7,000කින් රන් මිල වැඩි වෙලා වාර්තාගත මට්ටමකට පැමිණියා.
ඒ අනුව බලනකොට මේ දිනවල රන් මිල තියෙන්නේ හිතාගන්න බැරි තරම් ඉහළ මට්ටමකයි.
Share This Article