අවුරුදු නිවාඩුව ඉවරයි නේද? එහෙනම් අද ඉඳන් ආපහු කොළඹ එන්න ලෑස්ති වෙන්න!
Wednesday, 15 April 2026 - 9:47 | Views - 187
අවුරුදු කෑම කන්න, නෑදෑයෝ බලන්න ගමට ගිය හැමෝටම දැන් ආපහු කොළඹ එන්න වෙලාව හරි.
ඔයාලට කරදරයක් නැතුව එන්න අද (15) දහවල් ඉඳන් විශේෂ ප්රවාහන සේවා ආරම්භ කරලා කියලා ආරංචි වුණා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිතුමා කියන්නේ අද දහවල් ඉඳන්ම කොළඹ එන අයට විශේෂ බස් රථ ධාවනයට එක් කරනවා කියලා.
ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවත් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්ම ලෑස්ති කරලා තිබෙනවා.
හැබැයි පොඩි ප්රශ්නයක් තියෙනවා. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියන විදිහට අද පාරේ දුවන්නේ පෞද්ගලික බස්වලින් 30%ක් වගේ පොඩි ප්රමාණයක්.
ඒ නිසා පෞද්ගලික බස්වලින් එන්න ඉන්න අය ටිකක් කලින්ම එන්න බලන්න.
මේ පාර අවුරුද්දට සෙනඟ කොච්චර ගියාද කියනවා නම්, ලංගමයට විතරක් පසුගිය 09 වෙනිදා ඉඳන් ඊයේ වෙනකම් රුපියල් මිලියන 600කට වඩා ආදායමක් ලැබිලා තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි, අධිවේගී මාර්ගවලින් විතරක් ගෙවුණු දවස් හතරට රුපියල් කෝටි 19කට වඩා ආදායමක් රජයට ලැබිලා තිබෙනවා.
ඉතින්, හැමෝම පරිස්සමින් ආපහු කොළඹ එන්න.
Share This Article