අවුරුදු නිවාඩුව ඉවරයි නේද? එහෙනම් අද ඉඳන් ආපහු කොළඹ එන්න ලෑස්ති වෙන්න!
Wednesday, 15 April 2026 - 9:47 | Views - 188
අවුරුදු කෑම කන්න, නෑදෑයෝ බලන්න ගමට ගිය හැමෝටම දැන් ආපහු කොළඹ එන්න වෙලාව හරි.

ඔයාලට කරදරයක් නැතුව එන්න අද (15) දහවල් ඉඳන් විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කරලා කියලා ආරංචි වුණා.


ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිතුමා කියන්නේ අද දහවල් ඉඳන්ම කොළඹ එන අයට විශේෂ බස් රථ ධාවනයට එක් කරනවා කියලා.

ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවත් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්ම ලෑස්ති කරලා තිබෙනවා.


හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියන විදිහට අද පාරේ දුවන්නේ පෞද්ගලික බස්වලින් 30%ක් වගේ පොඩි ප්‍රමාණයක්.

ඒ නිසා පෞද්ගලික බස්වලින් එන්න ඉන්න අය ටිකක් කලින්ම එන්න බලන්න.


මේ පාර අවුරුද්දට සෙනඟ කොච්චර ගියාද කියනවා නම්, ලංගමයට විතරක් පසුගිය 09 වෙනිදා ඉඳන් ඊයේ වෙනකම් රුපියල් මිලියන 600කට වඩා ආදායමක් ලැබිලා තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි, අධිවේගී මාර්ගවලින් විතරක් ගෙවුණු දවස් හතරට රුපියල් කෝටි 19කට වඩා ආදායමක් රජයට ලැබිලා තිබෙනවා.

ඉතින්, හැමෝම පරිස්සමින් ආපහු කොළඹ එන්න.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top