අවුරුදු සතුට දුකක් නොවෙන්න නම් මේවා අනිවාර්යයි! සෞඛ්‍ය අංශයෙන් විශේෂ මාර්ගෝපදේශයක්..
Tuesday, 14 April 2026 - 15:00 | Views - 195

ඔයාලා අවුරුදු උත්සවයකදී ගම හරහා දිවීම බලන්න මොන තරම් කැමතිද.. ඒත් ඒ සතුට මැද තරගකරුවන් අනතුරට පත්වෙන අවස්ථා අපි ඕනෑතරම් දැකලා තියෙනවා.
මේ පාර ඒ අනතුරු අවම කරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීලා තිබෙනවා.
ඔයාටත් වැදගත් වෙන ඒ කරුණු ටික මෙන්න,
1. දිගුකාලීන පුහුණුව අනිවාර්යයි.
මැරතන්, පාපැදි තරග හෝ ගම හරහා දිවීම වැනි ඉසව්වලට ඉදිරිපත් වෙනවා නම්, තරගයට දවසකට දෙකකට කලින් පුහුණු වෙලා මදි. සෞඛ්‍ය උපදෙස් වලට අනුව, අවම වශයෙන් තරගයට සති 6කට පෙර පුහුණුවීම් ආරම්භ කළ යුතුයි.
ඒ වගේම පුහුණුකරුවෙකු යටතේ ක්‍රමවත්ව පුහුණුවීම වඩාත් යෝග්‍ය බවයි ඔවුන් පවසන්නේ.
2. ශරීරය සූදානම් කරගන්න
එකපාරටම ශරීරයට දරාගන්න බැරි වෙහෙසක් දීමෙන් හෘදයාබාධ හෝ අධික විජලනය වැනි අවදානම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ක්‍රමානුකූලව ශරීරය ඒ සඳහා හුරු කිරීම වැදගත්.
3. සංවිධායකයින්ගේ වගකීම
උත්සව සංවිධානය කරන අය මේ මාර්ගෝපදේශ ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුමයි. විශේෂයෙන්ම තරග පැවැත්වෙන වේලාව (අධික හිරු රශ්මිය ඇති වේලාවන් මග හැරීම), තරගකරුවන්ට ප්‍රමාණවත් තරම් ජලය හා ප්‍රථමාධාර පහසුකම් ලබාදීම.
තරගයට පෙර ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විමසිලිමත් වීම.
4. හඳුනාගත් විශේෂිත ඉසව්
සෑම ක්‍රීඩාවකටම පොදු නීති වලට අමතරව, අවදානම වැඩි ක්‍රීඩා සඳහා වෙනමම ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන්න කියලා සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.
මේ අවුරුදු සමයේ ඔයාගේ ගමේ හෝ ප්‍රදේශයේ අවුරුදු උත්සව සංවිධානය කරනවා නම්, මේ වටිනා උපදෙස් ටික ඒ අයටත් කියන්න අමතක කරන්න එපා.
Share This Article