අපේ සිනහව මැද ඇසෙන ඔවුන්ගේ මරණ බිය.. රතිඤ්ඤා හඬට ගැහෙන අහිංසක හදවත් ගැන ඔබ දන්නවාද?
Tuesday, 14 April 2026 - 14:03 | Views - 239
අපි රතිඤ්ඤා පත්තු කරලා සතුටු වෙද්දී, ඒ සද්දෙට බයේ ගැහි ගැහී මේස යට, ඇඳන් යට හැංගිලා ඉන්න අහිංසකයන් ගැන කවුරු හරි හිතුවද? අපිත් එක්කම එකම නිවහනේ ඉන්න බල්ලා, පූසා වගේම ගහකොළ වල නිදා ඉන්න කුරුල්ලෝ ඒ මොහොතේ ඉන්නේ ලොකු මරණ බයකින්.

අපේ සතුට වෙනුවෙන් පත්තු කරන රතිඤ්ඤා කරල්, මේ අහිංසකයන්ගේ ලෝකය මොන තරම් බිහිසුණු කරනවද කියලා මේ කරුණු ටික කියවද්දී ඔයාටත් දැනේවි.

අපිට ඇහෙන සද්දයට වඩා කිහිප ගුණයක වැඩි ශබ්දයක් සතුන්ට ඇහෙනවා. අපිට ඒක සතුටක් වුණාට, ඔවුන්ට ඒක හරියට කන්අඩි පැලෙන තරම් බිහිසුණු පිපිරීමක්.

රතිඤ්ඤා පිපිරෙන හඬ නිසා බල්ලන් හා පූසන් වැනි සතුන් දැඩි ලෙස කලබලයට පත්වෙලා, ගැහි ගැහී ඉන්න හැටි ඔයා දැකලා ඇති. සමහර සතුන්ට මේ කම්පනය නිසාම හෘදයාබාධ පවා ඇතිවෙලා මිය යනවා.

අධික ශබ්දය නිසා බියට පත්වෙන බල්ලන් පාරවල් දිගේ ඉසවක් නැතිව දිව යන්නේ කොහේ යනවාද කියලා නොදැනයි. එහෙම යන සත්තු වාහනවල හැපී මිය යනවා, නැත්නම් මංමුළා වී තමන්ගේ නිවස සොයා ගැනීමට නොහැකිව සදහටම අතරමං වෙනවා. රතිඤ්ඤා වැරදී පත්තුවීමෙන් අහිංසක සතුන්ගේ ඇස් හා සම පිළිස්සී විඳින වේදනාව වචන කරන්න බැහැ.

ගස්වල නිදා සිටින කුරුල්ලන්ට රතිඤ්ඤා පත්තු කරන එක හරිම අසාධාරණයි. බිය වී පියඹා යන කුරුල්ලන් ගොඩනැගිලිවල හෝ විදුලි රැහැන්වල වැදී පණ පිටින් මැරී වැටෙනවා. ඔවුන්ගේ පුංචි කැදලි අනාථ වෙනවා.

ඉතින් අපිට මේ සතුන්ව බේරාගන්න අධික ශබ්දය සහිත රතිඤ්ඤා වෙනුවට ආලෝකය පමණක් ලබාදෙන ගිනිකෙළි භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම රතිඤ්ඤා පත්තු කරන වෙලාවට ඔබේ සුරතලා නිවස ඇතුළට ගෙන, දොර ජනෙල් වසා ඔවුන්ට ආරක්ෂාව හා ආදරය දෙන්න.

පාරේ ඉන්න අසරණ සතෙක් බයේ ගැහි ගැහී ඔබේ මිදුලට ආවොත්, ඔවුන්ව එලවන්නේ නැතිව ටික වෙලාවකට රැකවරණය දෙන්න.
අවුරුද්ද කියන්නේ ආදරය බෙදන කාලයයි. ඒ ආදරය මිනිසුන්ට වගේම, කතා කරන්න බැරි මේ අහිංසක සතුන්ටත් එකවගේ ලබාදෙන්න.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top