අධිවේගී මාර්ගවලින් සල්ලි උල්පතක්.. දින 3ක ආදායම කෝටි 16 පනී!
Tuesday, 14 April 2026 - 14:02 | Views - 167
හිතන්නකෝ, අපි හයිවේ එකේ ට්‍රැෆික් එකට බැන බැන යනකොට, මාර්ග සංවර්ධන අධිකාරියේ සල්ලි පෙට්ටිය පිරෙන වේගය.. මේ පාර සිංහල අවුරුදු නිවාඩුවට පාරට බැස්ස වාහන තොගය නිසා අධිවේගී මාර්ගවල ආදායම වාර්තාගත විදියට ඉහළ ගිහින්.

පසුගිය අප්‍රේල් 10 වැනිදා ඉඳලා ගතවුණු දින 3ක් ඇතුළත විතරක් රුපියල් කෝටි 16කට අධික ආදායමක්. ඒ කියන්නේ හරියටම රු. 163,291,065ක් උපයන්න අධිවේගී මාර්ග සමත්වෙලා තිබෙනවා.

සල්ලි විතරක් නෙවෙයි, පාරේ ගිය වාහන ප්‍රමාණය ඇහුවමත් පිස්සු හැදෙනවා. මේ දවස් 3 ඇතුළත වාහන 434,338 ක් අධිවේගී මාර්ග පාවිච්චි කරලා තිබෙනවා. කොළඹින් පිටවෙන්න හැමෝම අධිවේගයම තෝරාගත්තාම ඉතින් මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයිනේ.

මේ දවස් තුනෙන් හයිවේ එකට වැඩිම සෙනඟක් වගේම වැඩිම ආදායමක් ලැබිලා තියෙන්නේ අප්‍රේල් 10 වැනිදා. හැමෝම නිවාඩුව පටන් ගත්ත මුල්ම දවස නිසා එදා තමයි වාර්තා අලුත් වෙලා තිබෙන්නේ.

එදා දවසේ ආදායම රුපියල් 59,815,450ක් (කෝටි 6කට ආසන්නයි) ධාවනය වූ වාහන ගණන 161,847ක්.

සල්ලි කොහොම වෙතත්, හයිවේ එකේ මේ තරම් වාහන යන කොට හරිම පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න ඕනේ. සතුටින් ගෙදර ගිහින් අවුරුදු කන්න නම් නියමිත වේගය පවත්වාගෙන යන එක තමයි වැදගත්ම දේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top