බුලත් අතේ මිල අහස උසට! මෙවර අවුරුද්දට බුලත් අතක් ගන්න එකත් හීනයක් වෙයිද?
Monday, 13 April 2026 - 16:33 | Views - 209
අවුරුදු සිරිත් විරිත් කරන්න සූදානම් වෙන ඔයාලට මේ පාර පොඩි අභියෝගයකට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. ඒ තමයි අපේ අවුරුදු මේසයේ වගේම, වැඩිහිටියන්ට ආචාර කරන්න අත්‍යවශ්‍යම වෙන බුලත් අත මිලදී ගන්න යනඑක.

දැන් තියෙන තත්ත්වය හැටියට බුලත් අතක් ගන්න එකත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. වෙළෙඳපොළ ආරංචි මාර්ග කියන විදිහට බුලත් මිල සීඝ්‍රයෙන් ඉහළ ගිහින්. සාමාන්‍ය බුලත් අතක් පවා රුපියල් 200 පැනලා, සමහර තැන්වල ඒක රුපියල් 400 සීමාවටත් ඇවිල්ලා.

ප්‍රධානම හේතුව තමයි දැන් පවතින අධික වියළි කාලගුණය. ඒ නිසා බුලත් අස්වැන්න සෑහෙන්න අඩු වෙලා. සැපයුම අඩු වෙලා තියෙන වෙලාවක අවුරුදු ඉල්ලුම වැඩි නිසා මේ විදිහට මිල ඉහළ ගිහින් තිබෙනවා.

අවුරුද්දට නෑගම් යන්න, අම්මා තාත්තාට වඳින්න බුලත් අතක් කියන්නේ අනිවාර්ය දෙයක්. හැමදේම ගණන් යන කාලේ බුලත් ටිකත් මෙහෙම ගණන් ගියාම සාමාන්‍ය පවුලකට ඒක ලොකු බරක් තමයි.

අපේ සිරිත් විරිත් කරන්නේ හදවතින්ම ගෞරවය දක්වන්න මිසක්, මිල අධික බුලත් අතක් ප්‍රදර්ශනය කරන්න නෙවෙයි. බුලත් මිල වැඩි වුණත්, අපේ ගුණධර්ම සහ වැඩිහිටියන්ට දක්වන ගෞරවය අඩු කරගන්න එපා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top