කොවුල් නාදය හා එරබදු මල්.. සොබාදහම අපිට අවුරුදු එනවා කියන්නේ කොහොමද?
Monday, 13 April 2026 - 12:49 | Views - 381
දැන් ඉතින් හැමතැනින්ම ඇහෙන්නේ කොහාගේ නාදය. ගස්වල ලස්සනට එරබදු මල් පිපිලා. හැබැයි ඔයාලා කවදා හරි හිතුවද ඇයි මේ හැමදේම මේ කාලෙටම සිද්ධ වෙන්නේ කියලා?

ඇත්තටම කිව්වොත්, අලුත් අවුරුද්ද කියන්නේ නිකම්ම චාරිත්‍ර වාරිත්‍ර ටිකක් විතරක් නෙවෙයි, මේක සොබාදහමේ උත්සවය. අපේ රටේ පරිසරය අලුත් වෙන, ජීවය අලුත් වෙන අපූරු කාලපරිච්ඡේදයක් තමයි මේ උදාවෙලා තියෙන්නේ.

කොහාගේ නාදය ඇහෙන්නේ අවුරුද්දට විතරක් නෙවෙයි, ඒක පරිසරයේ චක්‍රයක්. අතීතයේ අපේ මුතුන් මිත්තන්ට අස්වැන්න නෙළන කාලය හරි කියලා පණිවිඩය දුන්නේ මේ සොබාදහමේ වෙනස්වීම් තමයි.

කොහා හඬලද්දී ගොවියෝ තමන්ගේ කුඹුරුවල අස්වැන්න නෙළලා, අටුකොටු පුරවාගෙන ලොකු සතුටකින් හිටියේ. ඒ සතුට සැමරීමක් විදිහට තමයි අලුත් අවුරුද්ද ආරම්භ වුණේ.

ලේ රතු පාටින් පරිසරයම හැඩ කරන එරබදු මල් කියන්නේ අවුරුදු සිරියේ සංකේතය. ගැමි ගෙවල්වල වැටවල් දිගේ පිපුණු එරබදු මලින් පෙන්වන්නේ ලෝකය අලුත් වෙනවා කියන එකයි.

අතීතයේ ගොවියෝ තමන්ගේ අස්වැන්න නෙළලා, සොබාදහමට ස්තුති කරන්න පටන් ගත්ත මේ උත්සවය, අදටත් අපිට මතක් කරලා දෙන්නේ අපි සොබාදහමේම කොටසක් කියලා.

අපි අවුරුද්දට කරන හැම දේකම පරිසරය තිබෙනවා. ලිප ගිනි මෙලවීමට පරිසරයෙන් ලබාගන්නා දරවලින් තමයි අපේ පළමු ගින්දර උපදින්නේ. ගොඩක් අය වැඩ ඇල්ලීමේදී පැළයක් සිටුවීම චාරිත්‍රයක් විදිහට කරනවා. ඒකෙන් අනාගතයට ජීවය දෙනවා. ඒ වගේම අවුරුදු ක්‍රීඩා සියල්ලම පාහේ සිද්ධ වෙන්නේ එළිමහනේ.

මේ පාර අවුරුද්ද සමරන ගමන් අපි පුංචි පොරොන්දුවක් වෙමුද? මේ හැමදේම අපිට නොමිලේ දෙන පරිසරය රැකගන්න අපි මීට වඩා උනන්දු වෙන්න ඕනේ. ගහක් වැලක් හිටවන්න, පරිසරය අපිරිසිදු නොකර ඉන්න වගබලා ගන්නවා නම්, ඒක තමයි සොබාදහමට අපිට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top