මේ පාර අවුරුදු කෑම මේසයට තවත් වියදම් වැඩිවෙයිද? කැවිලි මේසයේ මිල 7% කින් ඉහළට!
Monday, 13 April 2026 - 11:56 | Views - 107
දැන් ඉතින් හැමෝම ලෑස්ති වෙන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරන්නනේ. අවුරුදු කිව්වම අපිට නැතුවම බැරි දේ තමයි ඒ පිරිච්ච අවුරුදු කෑම මේසය. හැබැයි මේ පාර අවුරුදු කෑම මේසය ලෑස්ති කරද්දී පොකට් එකට පොඩ්ඩක් වැඩිපුර තට්ටු කරන්න වෙයි වගේ.

මොකද, Verite Research PublicFinance.lk වෙබ් අඩවිය කරපු අලුත්ම සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා 2025 වසරට වඩා මේ 2026 වසරේ අවුරුදු කැවිලි මේසයක මිල 7% කින් විතර ඉහළ ගිහින් කියලා.

ගිය අවුරුද්දේ (2025) මාර්තු මාසයේදී සාමාන්‍ය අවුරුදු කෑම මේසයකට අවශ්‍ය කැවිලි ටික හදාගන්න රුපියල් 5,414ක් වගේ තමයි වැය වුණේ. හැබැයි මේ අවුරුද්දේ (2026) මාර්තු වෙද්දී ඒ කැවිලි ටිකටම රුපියල් 5,795ක් විතර වැය වෙනවා කියලා තමයි ගණන් බලා තිබෙන්නේ.

සාමාන්‍යයෙන් අපේ රටේ ඕනෑම නිවසක අවුරුදු මේසයට නැතුවම බැරි කෑම වර්ග 8ක් පදනම් කරගෙන තමයි මේ මිල ගණන් සසඳලා තියෙන්නේ. තවත් විශේෂ දෙයක් තියෙනවා, මේ වියදමට ඇතුළත් වෙන්නේ ප්‍රධාන අමුද්‍රව්‍යවල මිල විතරයි.

ගෑස්, විදුලිය සහ කුළුබඩු සඳහා යන පිරිවැය මේකට ඇතුළත් වෙලා නැහැ. ඒ කියන්නේ ඇත්තටම මීට වඩා පොඩි වැඩිවීමක් තියෙන්නත් පුළුවන්.

2025 වසරට සාපේක්ෂව 2026 දී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කෙවිලි මේසයක මිල 7% කින් ඉහළ ගොස්  ඇති බව PublicFinance.lk වෙබ් අඩවිය විසින් සිදු කළ මිල ගණන් සැසඳීමකින් හෙළිව තිබේ.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තාරුකා, තමන්ගේ පෞද්ගලික...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top