කටින් පිටවන වචනයක් ජීවිතයක් විනාශ කරයිද? "ඇස්වහ - කටවහ" පිටුපස ඇති විද්‍යාත්මක ඇත්ත මෙන්න!
Sunday, 12 April 2026 - 12:31 | Views - 233
අපි පාරේ යනකොට දකින වාහන වල දෙහි ගෙඩි කීපයකුයි, අමු මිරිස් කරලුයි එල්ලලා තිබෙනවා ඔයාලත් ඕනෑතරම් දැකලා ඇති.

"මේ නූතන යුගයේ තවමත් මේ වගේ දේවල් විශ්වාස කරනවාද?" කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. හැබැයි මේ ඇස්වහ, කටවහ කියන්නේ නිකම්ම නිකම් මිථ්‍යාවක් නෙවෙයි, ඒ පිටුපස පුදුමාකාර විද්‍යාත්මක ඇත්තක් හා විශ්ව ශක්තියක් තිබෙනවා.

අද අපි කතා කරන්නේ, ඔබව හිඟන්නෙක් කරන්න තරම් බලවත් මේ ඇස්වහ, කටවහ හා හෝවහ ගැනයි.

සරලවම කිව්වොත්, පුද්ගලයෙකුගේ සිතේ ඇතිවන දැඩි ඊර්ෂ්‍යාව හෝ ආශාව තරංගයක් විදිහට පිටතට පැමිණීමයි.

ඇස්වහ - ඇසින් දැකීමෙන් සිදුවන දෝෂ.

කටවහ - වචනයෙන් පැවසීම නිසා සිදුවන විනාශය.

හෝවහ - සිතින් සිතීමෙන් පමණක් සිදුවන දෝෂ.

ඉන්දියාවේ කරපු පර්යේෂණවලින් පවා ඔප්පු වෙලා තියෙනවා අපේ ශරීරයෙන් නිකුත් වන ශක්ති වළල්ලට (Aura), බාහිරින් එන සෘණ ආරෝපිත (Negative Atoms) මගින් බලපෑම් කළ හැකි බව.

ඔබ දියුණු වේගෙන එනකොට, කෙනෙකුගේ සෘණාත්මක බැල්ම ඔබේ ශක්ති වළල්ලට බාධා කරනවා. ඒක හරියට සුමටව ගලාගෙන යන වතුර පාරකට ගලක් ගැහුවා වගේ වැඩක්.

පුදුමෙකට වගේ, මේ දෝෂ වදින්නේ පෞද්ගලික දේවල්වලට විතරයි. ලංගම බස් එකකට නැති ඇස්වහ පෞද්ගලික බස් එකකට වදින්නේත්, සමුපකාරයට නැති ඇස්වහ පෞද්ගලික කඩේට වදින්නේත් මිනිස් සිත පෞද්ගලික දියුණුවට ඉරිසියා කරන නිසයි.

අපේ පැරැන්නන් මේ දෝෂවලින් බේරෙන්න අපූරු කෙම් ක්‍රම භාවිතා කළා. ඒවා අදටත් ඉතාමත් ප්‍රබලයි,

අවධානය වෙනතකට යොමු කිරීම - කුඩා දරුවෙකුගේ නළලේ තිලකයක් තියන්නේ හෝ අලුත් ගෙවල්වල පඹයන් හදන්නේ, බලන කෙනාගේ බැල්ම මුලින්ම ඒ දේට යොමු කරලා බැල්මේ තියෙන බලය අඩු කරන්නයි.

ලුණු සහ අබ දුම් ඇල්ලීම - කෙම්මුර දවසක අලුයම අබ, මිරිස් සහ ලුණු අඟුරු මත දමා නිවස වටා දුම් ඇල්ලීමෙන් ඇස්වහ කටවහ දෝෂ දුරු වෙනවා.

දෙහි කැපීමේ මන්ත්‍රය - "ඕං ගංගා මුනමනි සරස්වතී... ඊශ්වර මේ වාව."
මේ මන්ත්‍රයෙන් මතුරා ගත් ජලයෙන් මුහුණ සේදීමෙන් ඇස්වහ නිසා ඇතිවන බිබිළි පවා සුව කරගන්න පුළුවන්.

ගස්වැල් ආරක්ෂා කරගැනීමට - පළතුරු ගස්වල ගෙඩි විනාශ වෙනවා නම්, අලුයම කතා නොකර හීරැස්ස වැල් කැබැල්ලක් ගසේ නැගෙනහිර අත්තක බැඳීමෙන් එම දෝෂය මගහරවා ගන්න පුළුවන්.

ඇස්වහ, කටවහ කියන්නේ හුදෙක් බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. අපි හැමෝම ජීවත් වෙන්නේ ශක්ති තරංග ජාලයක් ඇතුළේ. අපේ කටින් පිටවෙන වචන තව කෙනෙක්ව සුවපත් කරන්න වගේම විනාශ කරන්නත් පුළුවන්.

ඒ නිසා අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුරුදුවෙන්න. එතකොට ඔයාලටත් මේ වගේ දෝෂවලින් ලැබෙන බලපෑම ගොඩක් අඩු වේවි.

අන්තර්ජාලය ඇසුරින්...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top