වාහන හිමියන්ට සුභ ආරංචියක්.. උත්සව සමයේ QR නැතුව තෙල් ගහන්න චාන්ස් එකක්!
ඔන්න ඉතින් උදාවෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් එක්කම ගම්බිම් බලා යන, විනෝද චාරිකා යන ඔයාලා හැමෝටම හරිම අපූරු ආරංචියක් ලැබිලා තිබෙනවා.
උත්සව සමය වෙනුවෙන් පෙට්‍රල් වාහන සඳහා QR කේතය නොමැතිව ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයකර තිබෙනවා.
මේක ඇත්තටම මේ උත්සව සමයේ වාහන හිමියන්ට ලැබුණු ලොකුම සහනයක් කියලා කියන්න පුළුවන්.
සංස්ථාව පවසන පරිදි මේ විශේෂ සහනය ක්‍රියාත්මක වෙන්නේ අද මධ්‍යම රාත්‍රී 12:00 සිට ලබන 18 වැනිදා දක්වා පමණයි.
ඉතින් මේ කාල සීමාව ඇතුළත ඔයාලට කිසිම කරදරයක් නැතුව තමන්ගේ පෙට්‍රල් වාහනවලට ඉන්ධන ලබාගන්න පුළුවන්.
QR කේතය නැති වුණාට, මේ කාල සීමාව ඇතුළත ඉන්ධන ලබා දීමේදී "ඔත්තේ ඉරට්ටේ" ක්‍රමය දැඩිව ක්‍රියාත්මක වන බවයි බලධාරීන් පවසන්නේ.
ඉතින්, මේ උත්සව සමයේ පාරේ රස්තියාදු නොවී, තමන්ට නියමිත දිනයේදී ගිහින් QR කරදරයක් නැතුව වාහනයට තෙල් ටික ගහගන්න දැන් ඔයාලට අවස්ථාවක් තිබෙනවා.