තවත් ප්‍රවීණයෙකුගේ නික්මයාමක්... අනුර සොල්මන්ස් අභාවප්‍රාප්ත වෙයි..
Friday, 10 April 2026 - 17:21 | Views - 198
ඔහු ලාංකීය පුවත්පත් කලාවේ නොමැකෙන චරිතයක්. මේ අන්න ඔහු ගැන ඇසෙන සංවේදී කතාවයි.

දිවයින ඉරිදා සංග්‍රහයේ හිටපු ප්‍රධාන කර්තෘ අනුර සොල්මන්ස් අද දහවල් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට හැට හය හැවිරිදි වියේ පසුවූ ඔහු දෙදරු පියෙක්. හදිසියේ ඇති වූ හෘද රෝගී තත්ත්වයක් මත පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ පසුව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා.

කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය යන විද්‍යාලයන්හි ඉගෙනුම ලැබූ ඔහු, පසුව ආධුනික මාධ්‍යවේදියෙකු ලෙස මල්ටිපැක්ස් ආයතනය ප්‍රකාශයට පත් කළ 'ඉරිදා' පුවත්පතේ කතෘ මණ්ඩලය සඳහා එක්වුණා.

පසුව දිවයින කර්තෘ මණ්ඩලයට එක්වූ මේ ප්‍රවිණ මාධ්‍යවේදියා, දිවයින පුවත්පතේ ව්‍යාපාරික කර්තෘ සහ විදේශ පුවත් කර්තෘ වැනි තනතුරු දරා දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ ධුරය ද හෙබවුවා.

ප්‍රකට විශේෂාංග ලේඛකයෙකු වූ ඔහු නූතන පුවත්පත් කතුවැකිය සඳහා විශිෂ්ට ආරක් නිර්මාණය කරමින් දශක දෙකකට වැඩි කාලයක් දිවයින පුවත්පතේ කතුවැකිය රචනා කළා.

ජනමාධ්‍ය කලාව පිළිබඳව විදේශ රටවල් ගණනාවක පුහුණුව ලද ඔහු, අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව පිරිනමන ආරාධිත අමුත්තන්ගේ නායකත්ව ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අමෙරිකාවේ ප්‍රාන්ත පහකදී ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් හැදෑරුවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිත බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top