O/L ලියන හැමෝටම 22 වෙනිදා මොකද වෙන්නේ? මෙන්න සම්පූර්ණ විස්තරය බලන්න.
Friday, 10 April 2026 - 17:13 | Views - 150
2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මේ දවස්වල ඉන්නේ සෑහෙන සූදානමකින්.

ඔන්න දැන් ඒ සූදානමේ තීරණාත්මක අදියරක් ගැන පුවතක් විභාග දෙපාර්තමේන්තුවෙන් වාර්තා වෙනවා.

සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි. මේ පරීක්ෂණ කටයුතු ලබන මැයි මස 4 වැනිදා දක්වා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1,198 කදී පැවැත්වෙනවා. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් එක්ලක්ෂ හැට දෙදහස් පන්සිය අසූ හත් දෙනෙකු (162,587) සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ වන විටත් පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබෙනවා. පෞද්ගලික අයදුම්කරුවන්ට ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑල හරහා නිවෙස්වලටම ලැබෙන්න සලස්වා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඔබට ලැබුණු ප්‍රවේශ පත්‍රයේ මොනයම් හෝ සංශෝධනයක් සිදු කිරීමට ඇත්නම්, ඒ සඳහා කාලය තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත යොමු වී එම සංශෝධන කඩිනමින් සිදු කර ගන්නා ලෙසටයි බලධාරීන් දැනුම් දෙන්නේ.
 
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top