ඔබේ ළමාකාලය සුන්දර කළ මේ පැරණි ජනක්‍රීඩා මතකද? අපෙන් ඈත්වන පැරණි ජනක්‍රීඩා කිහිපයක් මෙන්න!
Friday, 10 April 2026 - 17:06 | Views - 203
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ සිරිත් විරිත්වලට වගේම අවුරුදු ක්‍රීඩාවලටත් මුල් තැනක් දෙන කාලයක්.. හැබැයි කාලයත් එක්ක අපි අතරින් ඈත්වෙමින් පවතින, එහෙමත් නැත්නම් අද කාලේ දකින්න පවා නැති ඉතාමත් වටිනා ජනක්‍රීඩා කිහිපයක් ගැනයි අද මතක් කරන්න යන්නේ.

අතීතයේ ජනතාව මේ ක්‍රීඩා හුදෙක් විනෝදාස්වාදය සඳහා විතරක්ම නෙමෙයි කලේ,මේ ක්‍රීඩා අපේ සංස්කෘතිය හා භක්තිය සමඟත් දැඩිව බැඳිලා පවතිනවා.

මුලින්ම කියන්න යන්නේ අංකෙළිය නම් ක්‍රීඩාව ගැන, මේ ක්‍රීඩාව අතීතයේදී පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය පතා පවත්වපු ඉතාමත් පැරණි පූජා විධි ක්‍රමයක් තමයි අංකෙළිය කියලා කියන්නේ. මෙහිදී "උඩු පිල" හා "යටි පිල" ලෙස කණ්ඩායම් දෙකකට බෙදී, ගසක සවිකළ ශක්තිමත් ලී අං දෙකක් ලණුවල ආධාරයෙන් එකිනෙකාට ඇදීම සිදුකරනවා. ප්‍රතිවාදී පිලේ අඟ කැඩීයන තෙක් මේ තරගය පවත්වනවා.

ඊලඟට කියන්න යන්නේ ගුඩු කෙළිය ක්‍ර්‍රීඩාව ගැනයි, මේ ක්‍රීඩාව අද කාලේ දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. කුඩා ලී කැබැල්ලක් හා දිගු ලී පත්තක් ආධාරයෙන් කරන මේ ක්‍රීඩාව හරිම උද්යෝගිමත්. මෙහිදී ගුඩුවාට පහරදී එය හැකිතාක් ඈතට යැවීම සිදුකරනවා.

අතීතයේ ජන්ප්‍රිය අද කාලයේ කලාතුරකින් කරන ජන ක්‍ර්‍රීඩාවක් තමයි බට්ටා පැනීම කියලා කියන්නේ. විශේෂයෙන්ම ගැහැනු ළමුන් අතර ජනප්‍රිය මේ ජන ක්‍රීඩාවේදී බිම කොටු කිහිපයක් ඇඳ ඒ මත එක කකුලකින් පනිමින්, ගලක් එක් එක් කොටුව තුළට දමමින් සමබරතාවය පවත්වා ගැනීම සිදු කරනවා.

ගොඩක් ජනප්‍රිය නමුත් අභාවයට යන තවත් ජන ක්‍ර්‍රීඩාවක් තමයි ඔළිඳ කෙළිය කියලා කියන්නේ. "ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ..." කියමින් ගැයෙන ජනකවි මතක් වෙනවා නේද? ලීයෙන් නිමකළ ඔළිඳ පුවරුවක, ඔළිඳ ඇට යොදාගෙන කරන මේ ගෘහස්ථ ක්‍රීඩාව අද කාලේ ඉන්න දරුවන්ට නම් අමුතුම අත්දැකීමක් වේවි.

අද වන විට ආරක්ෂිත හේතූන්මත ඉතාම අඩුවෙන් දකින්න ලැබෙන තවත් ජන ක්‍රීඩාවක් තමයි පොරපොල් ගැසීම කියලා කියන්නේ. පත්තිනි මෑණියන් උදෙසා කෙරෙන තවත් පූජා කර්මයක් ලෙස සැලකෙන මෙය ඉතාමත් තරගකාරී ක්‍රීඩාවක්. කණ්ඩායම් දෙකක් එකිනෙකා දෙසට පොල් ගසා ඒවා බිඳීම මෙහිදී සිදු කෙරෙනවා.

අපේ ජනතාව මේ ක්‍රීඩාවලින් ඈත්වෙලා තිබෙන්නේ කාර්‍යබහුල ජීවන රටාව නිසා,නමුත් මේ ක්‍රීඩා රැකගැනීම අපගේ වගකීමක්. ඔබත් එළඹෙන අවුරුද්දේ මේ වගේ පැරණි ක්‍රීඩාවකට මුල් තැනක් දෙන්න උත්සාහ කරන්න.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top