මේ අලුත් අවුරුද්දට ගම්බිම් බලායන ඔබට විශේෂ දුම්රිය වාර රැසක් අද සිට..
ඉදිරි සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ගම්බිම් බලායන හා නැවත පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.
අද (අප්‍රේල් 10) සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මාර්ග කිහිපයකම මෙම විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුරු දුම්රිය මාර්ගය
කොළඹ කොටුව - අනුරාධපුර: අප්‍රේල් 10, 11, 12, 15, 16, 17, 18 සහ 19 යන දිනවලදී පෙ.ව. 06.40 ට කොටුවෙන් පිටත් වේ. මෙම දුම්රිය සඳහා පළමු පංතියේ වෙන්කළ ආසන මැදිරි දෙකක් ඇතුළත් කර ඇත.
කන්කසන්තුරය - අනුරාධපුර: අප්‍රේල් 10, 11, 12, 15, 16, 17, 18 සහ 19 දිනවලදී කන්කසන්තුරයෙන් පෙ.ව. 06.00 ට පිටත් වීමට නියමිතය.
බෙලිඅත්ත සිට මහව දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රිය අප්‍රේල් 09 වනදා සිට දිනපතා අනුරාධපුරය දක්වා ධාවනය කෙරේ.
සාමාන්‍යයෙන් මහව දක්වා ධාවනය වන කාර්යාල දුම්රිය අප්‍රේල් 10, 11 සහ 12 යන දිනවලදී පමණක් අනුරාධපුරය දක්වා දීර්ඝ කර තිබෙනවා.
මුහුදුබඩ දුම්රිය මාර්ගය
මරදාන - මාතර: අප්‍රේල් 10, 11, 12, 15 සහ 18 දිනවල ප.ව. 01.00 ට මරදානෙන් පිටත් වේ.
මරදාන - බෙලිඅත්ත: අප්‍රේල් 11 සහ 18 දිනවල ප.ව. 04.40 ට මරදානෙන් පිටත් වීමට නියමිතය.
මාතර / බෙලිඅත්ත - මරදාන (නැවත පැමිණීම): මගී අවශ්‍යතාවය මත විවිධ වේලාවන් යටතේ අප්‍රේල් 10 සිට 19 දක්වා විශේෂ ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක වේවි.
අප්‍රේල් 11 සිට 19 දක්වා ධාවනය වන අනෙකුත් සියලුම දුම්රිය පිළිබඳ නිවැරදි තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.railway.gov.lk හරහා ඔබට ලබාගන්න පුලුවන්.