ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ මංගල ටෙස්ට් ජයග්‍රහණයේ අවසන් සාක්ෂිකරුවා දිවි ගමනට සමුදෙයි..
Friday, 10 April 2026 - 11:42 | Views - 117
ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියැවුණු සුවිශේෂී ජයග්‍රහණයක අවසන් සාක්ෂිකරුවා වූ සී.ඩී. ගෝපිනාත් ඊයේ දින (09) චෙන්නායිහිදී මෙලොව හැරගියා. ඔහු මියයන විට 96 වන වියේ පසුවුණා.

1952 වසරේදී එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ඉන්දියාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මංගල ජයග්‍රහණය වාර්තාකළා. එම ඓතිහාසික ජයග්‍රහණය ලැබූ කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනා අතුරින් ජීවත්ව සිටි එකම ක්‍රීඩකයා වුණේ ගෝපිනාත් පමණයි.

ඔහුගේ අභාවයත් සමඟ එම රන්වන් මතකයේ අවසන් සජීවී සාක්ෂිකරුවා ක්‍රිකට් ලොවට අහිමි වුණා.

මියයන විට ඔහු ඉන්දියාවේ වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වෙලා සිටියා. ඒ විතරක් නෙවෙයි, ඔස්ට්‍රේලියාවේ නීල් හාවිට (Neil Harvey) පසුව, ලොව ජීවත්ව සිටි දෙවන වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද ඔහු ගෞරවයට පාත්‍රවෙලා තිබෙනවා.

1930 මාර්තු 1 වනදා උපත ලැබූ සී.ඩී. ගෝපිනාත් මහතා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 8කට ක්‍රීඩාකර තිබෙනවා. දක්ෂ පිතිකරුවෙක් මෙන්ම දක්ෂ පන්දු රකින්නෙක් ලෙසද ඔහු ක්‍රිකට් පිටියේ නමක් දිනාගෙන සිටියා.

ඔහුගේ අභාවය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළු ක්‍රීඩාලෝලීන් රැසක් සිය ශෝකය පළකරලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top