පිරිසිදුකම සහ විනය යනු ජාතියක කැඩපතයි.. විවෘත කර පැය 24ක් යන්නටත් පෙර ‘කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළට’ සිදුවූ දේ..
Friday, 10 April 2026 - 9:39 | Views - 152
වසර ගණනාවකට පසු අතිනවීන පහසුකම්වලින් සමන්විතව ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ මහජන අයිතියට පත් කෙරුණේ ඉකුත් 08 වනදායි.

මගී ජනතාවට වඩාත් සුවපහසු සහ විධිමත් සේවාවක් සැපයීම මෙහි මූලික අරමුණ වුවද, විවෘත කර දිනක් ගතවීමටත් පෙර එහි දක්නට ලැබෙන දර්ශන අතිශය කණගාටුදායකයි.

නවීකරණය කරන ලද බස් නැවතුම්පොළ මෙහෙයුම් කටයුතු ආරම්භ කර පැය කිහිපයක් ගතවන විට, එහි අලුතින් තීන්ත ආලේප කරන ලද බිත්තිවල බුලත් කෙළ ගසා ඇති ආකාරයත්, මගී ජනතාවගේ පොදු ප්‍රයෝජනය සඳහා ස්ථාපිත කර ඇති වැසිකිළි පද්ධතියේ උපකරණවලට ද අලාභහානි සිදුකර අපවිත්‍රකර ඇති ආකාරයත් දැකගන්නට ලැබුණා.

මිලියන ගණනක මහජන මුදල් වැය කරමින් ඉදි කළ මෙවැනි වටිනා දේපළක් මෙලෙස විනාශ කිරීමට තරම් ඇතැම් පුද්ගලයන් පටු මනසකින් කටයුතු කිරීම සමාජයේ දැඩි පිළිකුලට ලක්වෙලා තිබෙනවා.

රටක් ලෙස අප භෞතික සම්පත්වලින් දියුණු වුවද, එම සම්පත් පරිහරණය කරන මිනිසුන්ගේ ආකල්ප දියුණු වී නොමැති බව මෙවැනි සිදුවීම්වලින් මනාව පැහැදිලි වෙනවා. 














Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top