මේ පාර අවුරුද්දට පොලිසියේ "සප්‍රයිස්" එක හරිම සැරයි.. බීමත්ව රිය පදවන්න කලින් දෙපාරක් හිතන්න!
අවුරුදු සමය කියන්නේ අපි හැමෝම සතුටින්, විනෝදයෙන් ඉන්න බලන කාලයක්. හැබැයි ඒ සතුට අතරතුර පොඩි අත්වැරදීමක් වුණොත්, ඒක මුළු අවුරුද්දම කණපිට හරවන්න පුළුවන්.
මේ පාර නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජී. සේනාධීර පැවසුවා.
සාමාන්‍යයෙන් පාරේ යනකොට වාහන දෙකක් ලාවට ගෑවුණත් බේරෙන්න බැහැ. මොකද ඕනෑම සුළු අනතුරකදී පවා සම්බන්ධ වන රියදුරන්ව වහාම මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට යොමු කරන්න සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලැබිලා තිබෙනවා.
විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී රථවාහන පරීක්ෂාවන් වෙනදාට වඩා දැඩි කරන්නත්, සැකකටයුතු ඕනෑම කෙනෙක් රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කරන්නත් තීරණය කරලා තිබෙනවා.
සතුටු වෙන එකේ වරදක් නැහැ, හැබැයි ඒ සතුට අනුන්ගේ වගේම තමන්ගේත් ජීවිත අවදානමක හෙළන්න හේතුවක් කරගන්න එපා.
බීමත්ව රිය පැදවීමෙන් ඔබ පාරට දාන්නේ ඔබේ ජීවිතය විතරක් නෙවෙයි, තවත් අහිංසක පවුලක බලාපොරොත්තු වෙන්න පුළුවන්.