මේ පාර අවුරුද්දට පොලිසියේ "සප්‍රයිස්" එක හරිම සැරයි.. බීමත්ව රිය පදවන්න කලින් දෙපාරක් හිතන්න!
Thursday, 09 April 2026 - 16:33 | Views - 274
අවුරුදු සමය කියන්නේ අපි හැමෝම සතුටින්, විනෝදයෙන් ඉන්න බලන කාලයක්. හැබැයි ඒ සතුට අතරතුර පොඩි අත්වැරදීමක් වුණොත්, ඒක මුළු අවුරුද්දම කණපිට හරවන්න පුළුවන්.

මේ පාර නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජී. සේනාධීර පැවසුවා.

සාමාන්‍යයෙන් පාරේ යනකොට වාහන දෙකක් ලාවට ගෑවුණත් බේරෙන්න බැහැ. මොකද ඕනෑම සුළු අනතුරකදී පවා සම්බන්ධ වන රියදුරන්ව වහාම මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට යොමු කරන්න සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලැබිලා තිබෙනවා.

විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී රථවාහන පරීක්ෂාවන් වෙනදාට වඩා දැඩි කරන්නත්, සැකකටයුතු ඕනෑම කෙනෙක් රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කරන්නත් තීරණය කරලා තිබෙනවා.

සතුටු වෙන එකේ වරදක් නැහැ, හැබැයි ඒ සතුට අනුන්ගේ වගේම තමන්ගේත් ජීවිත අවදානමක හෙළන්න හේතුවක් කරගන්න එපා.

බීමත්ව රිය පැදවීමෙන් ඔබ පාරට දාන්නේ ඔබේ ජීවිතය විතරක් නෙවෙයි, තවත් අහිංසක පවුලක බලාපොරොත්තු වෙන්න පුළුවන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top