ආටිමිස් II මෙහෙයුම අවසානයි.. සඳ වටා ගිය වීරයෝ හෙට යළි පෘථිවියට..
Thursday, 09 April 2026 - 14:10 | Views - 276
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත වූ ගගනගාමීන් පිරිස සිය මෙහෙයුම නිමවා හෙට (අප්‍රේල් 10) යළි පෘථිවියට පැමිණීමට නියමිතවෙලා තිබෙනවා.

නාසා ආයතනයට අනුව, ගගනගාමීන් සිව්දෙනා රැගත් ඔරායන් (Orion) අභ්‍යවකාශ යානය සිකුරාදා රාත්‍රී 8.07 ට (ශ්‍රී ලංකා වේලාවෙන් සෙනසුරාදා අලුයම 5.37 ට) සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ මුහුදට පතිත වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව ඔවුන්ව USS John P. Murtha නෞකාව වෙත ආරක්ෂිතව රැගෙන යාමට සියලුම කටයුතු සූදානම් කරලා තිබෙනවා.

මෙම මෙහෙයුමේ සුවිශේෂීත්වය වන්නේ, 1970 වසරේ ඇපලෝ 13 මෙහෙයුම තබා තිබූ සැතපුම් 248,655 ක දුර වාර්තාව අභිබවා යමින් පෘථිවියේ සිට වැඩිම දුරක් ගමන් කළ අභ්‍යවකාශ යානය ලෙස ඔරායන් ඉතිහාසයට එක් වීමයි.

මෙවර මෙහෙයුම සඳමත ගොඩබැසීමක් සිදු නොකළත්, පෘථිවියට නොපෙනෙන සඳෙහි පිටුපස ප්‍රදේශය හරහා පියාසර කරමින් ඉතා වැදගත් ඡායාරූප ලබා ගැනීමටත්, යානයේ තාක්ෂණික ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමටත් ගගනගාමීන් සමත්වුණා.

මෙය ඉදිරියේදී සඳ මත මිනිසුන් පදිංචි කිරීමේ මීළඟ පියවර සඳහා උපකාරී වේවි.
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් දශක ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක ඔබව හමුවුණු,...
Hiru Tv Blog
කලා ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන, දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top