සමනලියකගේ අකල් නික්මයාම.. ඇය ගැන ඇසෙන කඳුළු කතාව මෙන්න..
Thursday, 09 April 2026 - 11:27 | Views - 238
සමහර දවස්වලට සොබාදහම අපි හිතනවාටත් වඩා දරුණු වෙනවා. වැල්ලවාය, හදපානාගල ගම්මානයෙන් ඇසෙන මේ කතාව, ඔබේ හදවත මොහොතකට නතර කරන තරම් සංවේදීයි.

23 හැවිරිදි වියේ පසුවූ චමෝදි මල්ශානි දියණිය, තම මව්පියන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්ව සිටි දියණියක්. පසුගිය දවසක ඇය පදිංචි ප්‍රදේශයට ඇද හැළුණු මහ වැස්ස වෙලාවේ අම්මයි තාත්තයි හිටියේ හේනෙ.

"අම්මයි තාත්තයි මේ වැස්සට තෙමෙයි" කියන බය චමෝදිගේ හිතට වද දෙන්න ඇති, ඒ හිතේ තිබුණු අසීමිත ආදරය නිසාම ඇය කුඩ දෙකකුත් අරගෙන හේනට දිව්වේ ඔවුන්ව ආරක්ෂිතව ගෙදරට ගෙන එන්නයි.

හැබැයි, දෛවය ඇයත් එක්ක සෙල්ලම් කළේ හරිම අකාරුණික විදිහට. මව්පියන් වැස්සෙන් බේරාගන්න ගිය ඒ ගමනේදී, එක් කුරිරු අකුණක් නිසා ජීවිතයෙන් සමුගත්තා.

ඇයට අවශ්‍ය වුණේ මව්පියන්ව වැස්සෙන් බේරගන්න වුණත්, අවසානයේ අම්මාට සහ තාත්තාට ඉතිරි වුණේ තමන්ගේ දියණියගේ වියෝව පිළිබඳ දරාගත නොහැකි වේදනාවක් විතරයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top