ආර්ථික පීඩනය හමුවේ සහනයක් බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන්ට එතරම් සුබදායක නොවන පුවතක් විදුලි බල ක්ෂේත්රයෙන් වාර්තාවුණා.
මේ වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු තවදුරටත් ඉහළ නැංවීමට යෝජනාවක් ඉදිරිපත්කරලා තිබෙනවා.
පසුගියදා වාර්තා වූයේ දෙවන කාර්තුව (අප්‍රේල් සිට ජූනි දක්වා) සඳහා 10%ක ගාස්තු වැඩිවීමක් පිළිබඳවයි.
නමුත් නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අලුතින් ඉල්ලීමක් කර ඇත්තේ, එම මුල් යෝජනාවට අමතරව තවත් 15%ක වැඩිවීමක් අවශ්‍ය බවයි.
ජනතාව දැනටමත් ජීවන වියදම කළමනාකරණය කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වන පසුබිමක, මෙවැනි අතිරේක ගාස්තු වැඩිවීම් පිළිබඳ යෝජනා ඉදිරිපත්වීම ගැන සමාජය තුළ විවිධ මතිමතාන්තර පළවෙමින් තිබෙනවා.