'ඉනියවන්' තරුව සුභාෂිනී දිවියෙන් සමුගනී. ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයම කම්පා වූ සංවේදී පුවත..
Wednesday, 08 April 2026 - 17:32 | Views - 415
ශ්‍රී ලාංකේය සිනමාවෙන් සහ නිවේදන ක්ෂේත්‍රයෙන් සිය ගමන අරඹා ඉන්දීය ටෙලි තිරය ජයගත් ජනප්‍රිය නිළි සුභාෂිනී බාලසුබ්‍රමනියන් (Subhashini Balasubramanian) අභාවප්‍රාප්ත වූ පුවත කලා ලොව මහත් කම්පනයට පත්කරලා තිබෙනවා.

36 වැනි වියේ පසු වූ ඇය පසුගිය අප්‍රේල් 6 වන දින ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ඇයගේ නිවසේදී මෙලෙස සියදිවි හානි කරගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, ඇයගේ මරණය සියදිවි හානි කරගැනීමක් බවට සැක කරනවා. මියයන අවස්ථාවේදී ඇය සිය සැමියා සමඟ වීඩියෝ ඇමතුමක නිරතව සිට ඇති බවත්, එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇය මෙම අවාසනාවන්ත තීරණය ගෙන ඇති බවත් වාර්තාවුණා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඇයගේ උපන්දිනයට දින හයකට පෙර හා ඇයගේ දෙවන විවාහ සංවත්සරයට (අප්‍රේල් 21) දින කිහිපයක් තිබියදී වීමත් විශේෂත්වයක්.

කොළඹ උපත ලැබූ සුභාෂිනී, කොළඹ යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් හා ශාන්ත අන්තෝනි බාලිකාවෙන් අධ්‍යාපනය හැදෑරූ ලාංකික තරුණියක් වගේම පසුව ඇය අශෝක හඳගමයන්ගේ 'ඉනියවන්' සිනමාපටය හරහා රංගනයට පිවිසුණා.

ඇයගේ හදිසි සමුගැනීම සම්බන්ධයෙන් ඇයගේ සමකාලීන මිතුරියක වන නිරංජනී ෂන්මුගරාජා, මාධවී ඇන්තනී හා ජනප්‍රිය නිළි ශලනි තාරකා ඇතුළු කලාකරුවන් රැසක් සමාජ මාධ්‍ය හරහා සිය ශෝකය පළකරලා තිබුණා.

සුභාෂිනීගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ චෙන්නායි හිදී පවත්වා ඇති අතර චෙන්නායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top