උත්සව සමයට සුබ පණිවිඩයක්.. LAUGFS ගෑස් හිඟය අදින් ඉවරයි!
අලුත් අවුරුද්ද කිට්ටු වෙද්දී කුස්සියේ වැඩකටයුතු ගැන වද වෙමින් හිටපු ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට සතුටුදායක ආරංචියක් ලැබිලා තිබෙනවා.
අද (08) ඉඳන් කිසිම හිඟයකින් තොරව LAUGFS ගෑස් වෙළඳපොළට නිකුත්කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිලවශයෙන් නිවේදනය කරලා තිබෙනවා.
උත්සව සමයේදී ගෑස් ඉල්ලුම ඉහළ යන නිසා පාරිභෝගිකයින් පත්වන අපහසුතාවය මඟහරවා ගන්න LAUGFS ගෑස් සමාගම දිවයින පුරා බෙදාහැරීම් විධිමත් කරන්න තීරණය කරලා තිබෙනවා.
මේ සම්බන්ධව සභාපති හේමන්ත සමරකෝන් පැවසුවේ LAUGFS ගෑස් සමාගම විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත්කර තිබෙන බවයි.
පහුගිය දිනවල යම් මට්ටමක හිඟයක් තිබුණත්, පසුගිය 6 වැනිදා LAUGFS ගෑස් මෙට්රික් ටොන් 7,000ක් රැගත් දැවැන්ත නෞකාවක් හම්බන්තොට වරායට සේන්දු වුණා.
මේ නිසා ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ඕනෑම ප්රදේශයකින් ලාෆ්ස් ගෑස් මිලදීගැනීමට අවස්ථාව ලැබේවි. ඉතින්, මේ අවුරුදු නිවාඩුවේ බය නැතුව රසට උයා පිහාගන්න පාරිභෝගිකයින්ට දැන් අවස්ථාව උදාවෙලා තිබෙනවා.