උත්සව සමයට සුබ පණිවිඩයක්.. LAUGFS ගෑස් හිඟය අදින් ඉවරයි!
Wednesday, 08 April 2026 - 14:08 | Views - 290
අලුත් අවුරුද්ද කිට්ටු වෙද්දී කුස්සියේ වැඩකටයුතු ගැන වද වෙමින් හිටපු ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට සතුටුදායක ආරංචියක් ලැබිලා තිබෙනවා.

අද (08) ඉඳන් කිසිම හිඟයකින් තොරව LAUGFS ගෑස් වෙළඳපොළට නිකුත්කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිලවශයෙන් නිවේදනය කරලා තිබෙනවා.

උත්සව සමයේදී ගෑස් ඉල්ලුම ඉහළ යන නිසා පාරිභෝගිකයින් පත්වන අපහසුතාවය මඟහරවා ගන්න LAUGFS ගෑස් සමාගම දිවයින පුරා බෙදාහැරීම් විධිමත් කරන්න තීරණය කරලා තිබෙනවා.

මේ සම්බන්ධව සභාපති හේමන්ත සමරකෝන් පැවසුවේ LAUGFS ගෑස් සමාගම විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත්කර තිබෙන බවයි.

පහුගිය දිනවල යම් මට්ටමක හිඟයක් තිබුණත්, පසුගිය 6 වැනිදා LAUGFS ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක් රැගත් දැවැන්ත නෞකාවක් හම්බන්තොට වරායට සේන්දු වුණා.

මේ නිසා ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ලාෆ්ස් ගෑස් මිලදීගැනීමට අවස්ථාව ලැබේවි. ඉතින්, මේ අවුරුදු නිවාඩුවේ බය නැතුව රසට උයා පිහාගන්න පාරිභෝගිකයින්ට දැන් අවස්ථාව උදාවෙලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top