වයස 72 දී සිහිනය ජයගත් සැබෑ වීරයෙක්.. දරුවන්ගේ උපාධි සිහිනය වෙනුවෙන් කැපවුණු "ටාටයි" ගේ කඳුළු කතාව මෙන්න..
Wednesday, 08 April 2026 - 13:20 | Views - 228
ඔහු උත්සාහවන්ත පියෙක්.. 

ඒ විතරක් නෙවෙයි,  කවදා හෝ තමන්ගේ  සිනිහය සැබැවක් කරගත් ඔහු ඇත්තෙන්ම ධෛර්යවන්ත පුද්ගලයෙක්.
 
මේ වයස 72 දී සිහිනය ජයගත් සැබෑ වීරයෙක් පිලිපීනයේ 'ටාටයි එබැන්ග්' ගේ අභිප්‍රේරණාත්මක කතාවක්..

වයස යනු හුදෙක් ඉලක්කමක් පමණක් බවත්, නොපසුබට උත්සාහය තිබෙනවා නම් ඕනෑම සිහිනයක් සැබෑ කරගත හැකි බවත් ලොවටම පසක් කළ අපූරු පුවතක් පිලිපීනයෙන් වාර්තා වෙනවා. ඔහු නමින් ඩියෝස්ඩාඩෝ "ටාටයි එබැන්ග්" එවන්ජලිස්ටා (Diosdado "Tatai Ebang" Evangelista) නම් වූ ආදරණීය පියෙක්.

තම ජීවිතයේ වැඩි කාලයක් කුඹුරු සහ උක් වගාබිම්වල වෙහෙස මහන්සි වී වැඩ කළ ටාටයි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කැපකිරීම් කළ පියෙක්.

ඔහුගේ එකම අරමුණ වූයේ තම දරුවන් සිව්දෙනාට හොඳින් ඉගැන්වීමයි. දරුවන් සිව්දෙනාම උපාධිධාරීන් බවට පත් කරන තෙක් ඔහු තම පෞද්ගලික සිහින පසෙක තබා වෙහෙස නොබලා වැඩ කළා.

තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් වූ පසු, වයස අවුරුදු 69 දී ඔහු තීරණය කළේ තමා වසර ගණනාවක් තිස්සේ කල් දැමූ සිහිනය සැබෑ කර ගැනීමටයි.

ඒ අනුව ඔහු කෘෂිකාර්මික උපාධිය සම්පූර්ණ කළ අතර, ඉන් නොනැවතී වයස අවුරුදු 72 දී බලපත්‍රලාභී කෘෂිකර්ම නිලධාරියෙකු (Licensed Agricultural Officer) වීමේ විභාගයට පෙනී සිටියා.

ගොවිතැන සම්බන්ධයෙන් දශක ගණනාවක ප්‍රායෝගික අත්දැකීම් තිබුණද, වර්තමාන ඩිජිටල් ලෝකය ඔහුට අභියෝගයක් වුණා. විශේෂයෙන්ම මාර්ගගත ලියාපදිංචිය (Online Registration) සහ නවීන තාක්ෂණය හැදෑරීමේදී ඔහුට විශාල උත්සාහයක් දැරීමට සිදුවුණා.

පළමු වරට විභාගයෙන් අසමත් වුවද ඔහු පසුබට වූයේ නැහැ. තම පන්තියේ තරුණ සිසුන්ගේ මෙන්ම නාඳුනන පිරිසකගේද සහාය ඇතිව ඔහු නව තාක්ෂණය උගත් අතර, අවසානයේ 2025 වසරේදී විභාගය සමත්ව බලපත්‍රලාභී නිලධාරියෙකු වීමට වරම් ලැබුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top