ID කාඩ් එක ගන්න දුවන්න කලින් මේක කියවන්න! අද ඉඳන් වැඩේ වෙන්නේ මෙහෙමයි...
දවස් කිහිපයක් තිස්සේ ලොකු කරදරේකට මුහුණ දුන්න පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තවම සම්පූර්ණයෙන්ම යථාතත්වයට පත්වෙලා නැහැ.
වැඩබලන කොමසාරිස් ජනරාල් සූරියප්පෙරුම කියන විදිහට අද (08) ඉඳන් ID කාඩ් මුද්‍රණ කටයුතු නැවත පටන් ගන්නවා. හැබැයි හැමෝටම මේ සේවාව ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
හැඳුනුම්පත නැතුවම බැරි, හදිසිම වැඩ තියෙන අත්‍යවශ්‍ය සේවාලාභීන්ට විතරයි දැනට මේ එක්දින සේවය විවෘත වෙන්නේ.
බත්තරමුල්ලේ ප්‍රධාන කාර්යාලයෙන් වගේම පළාත් කාර්යාලවලිනුත් මේ සේවාව ලබාගන්න පුළුවන්.
මේ පරිගණක පද්ධතියේ වැඩ තාම අවසන් නැති නිසා, සාමාන්‍ය සේවාව වගේම පෙරටු කාර්යාල සේවාවන් තාවකාලිකව නවත්වා තිබෙනවා.
පද්ධතිය 100% ක් යථාවත්වීමෙන් පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව අඛණ්ඩව කරලා දෙන්න බලධාරීන් උපරිම උත්සහ කරනවා.