ID කාඩ් එක ගන්න දුවන්න කලින් මේක කියවන්න! අද ඉඳන් වැඩේ වෙන්නේ මෙහෙමයි...
Wednesday, 08 April 2026 - 12:21 | Views - 417
දවස් කිහිපයක් තිස්සේ ලොකු කරදරේකට මුහුණ දුන්න පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තවම සම්පූර්ණයෙන්ම යථාතත්වයට පත්වෙලා නැහැ.

වැඩබලන කොමසාරිස් ජනරාල් සූරියප්පෙරුම කියන විදිහට අද (08) ඉඳන් ID කාඩ් මුද්‍රණ කටයුතු නැවත පටන් ගන්නවා. හැබැයි හැමෝටම මේ සේවාව ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

හැඳුනුම්පත නැතුවම බැරි, හදිසිම වැඩ තියෙන අත්‍යවශ්‍ය සේවාලාභීන්ට විතරයි දැනට මේ එක්දින සේවය විවෘත වෙන්නේ.

බත්තරමුල්ලේ ප්‍රධාන කාර්යාලයෙන් වගේම පළාත් කාර්යාලවලිනුත් මේ සේවාව ලබාගන්න පුළුවන්.

මේ පරිගණක පද්ධතියේ වැඩ තාම අවසන් නැති නිසා, සාමාන්‍ය සේවාව වගේම පෙරටු කාර්යාල සේවාවන් තාවකාලිකව නවත්වා තිබෙනවා.

පද්ධතිය 100% ක් යථාවත්වීමෙන් පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව අඛණ්ඩව කරලා දෙන්න බලධාරීන් උපරිම උත්සහ කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top