ඔවුන්ට අත උස්සන්න කලින් දෙපාරක් හිතන්න! පසුගිය වසර 5 තුළ සිදුවූ දේ ගැන ඇසෙන ආරංචිය මෙන්න..
Wednesday, 08 April 2026 - 11:00 | Views - 261
අපේ රටේ අනාගතය කියලා අපි හඳුන්වන දරුවන්ට අද වෙලා තියෙන්නේ මොකක්ද? මේක ඇහුවොත් ඔබත් පුදුම වේවි.

පසුගිය වසර පහ ඇතුළත විතරක් දරුවන් 11,409ක් කායික දඬුවම් හා හිංසනයන්ට ලක්වෙලා කියලා අලුත්ම වාර්තා හෙළි කරනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂිකා නීතිවේදී ශානිකා මලල්ගොඩ මේ බය හිතෙන තොරතුරු රටට හෙළිකළා.

2021 වසරේ ඉඳලා මේ වෙනකම් දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධමය වැරදි විදිහට මේ පැමිණිලි අධිකාරියට ලැබිලා තිබෙනවා.

වඩාත්ම කනගාටුදායක දේ තමයි මේ දරුවන් වැඩිපුරම හිංසනයට ලක්වෙලා තියෙන්නේ ඔවුන්ට වඩාත්ම ආරක්ෂාව ලැබෙන්න ඕනේ නිවසේදී සහ පාසලේදී වීමයි.

පසුගිය අවුරුද්දේ විතරක් ලැබුණු පැමිණිලි 10,455කින් 2,099ක්ම දරුවන්ට කෲර විදිහට සලකපු ඒවා.

අවුරුදු 25ක් තිස්සේ මේ තත්ත්වය නැති කරන්න උත්සාහ කළත් ඒක සාර්ථක වෙලා නැහැ.

ඒ නිසාම රටේ ඉන්න ප්‍රවීණ මහාචාර්යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධ්‍යයනයන් පදනම් කරගෙන දණ්ඩ නීති සංග්‍රහයේ 308 (ආ) වගන්තිය සංශෝධනය කරලා "කායික දණ්ඩනය" සහමුලින්ම අහෝසි කරන්න දැන් කටයුතු සූදානම් කරලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top