ඕස්ට්‍රේලියාවේ ඉයන් හීලි ඕවල් (Ian Healy Oval) ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී එංගලන්ත යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක දිගට දෙවැනි පරාජයත් වැළඳගන්න සිද්ධ වුණා. ඒ අපේ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩිකාවන් හමුවේ ලකුණු 52ක දැවැන්ත පරාජයක් ලබමින්.
පළමු තරගයෙන් ඕස්ට්‍රේලියාව හමුවේ පැරදුණු එංගලන්තයට, ඊයේ තරගයේදී පන්දුවාර 42.4කදී ලකුණු 171ක ඉලක්කයක් හඹා යන්න තිබුණත්, ඔවුන්ට පන්දුවාර 42.1කදී ලබාගත හැකි වුණේ ලකුණු 118ක් විතරයි.
මේ තරගයේ විශේෂම සිදුවීම තමයි ශ්‍රී ලංකා හිටපු සුපිරි නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය, ලිමන්සා තිලකරත්න පෙන්වූ දක්ෂතාවය. ඇය පන්දු 85කදී ලකුණු 51ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.
ඇයට මනා සහයෝගයක් දුන් ශෂිනි ගිම්හානි ලකුණු 39ක් ලබා ගත්තා. මේ දෙන්නා 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක සබඳතාවයක් ගොඩනැගුවේ එංගලන්තයට පීඩනය වැඩි කරමින්.
ශ්‍රී ලංකා නායිකා චමෝදි ප්‍රබෝධා හා අසේනි තලගුණේ තමන්ගේ දඟපන්දුවලින් එංගලන්ත පිතිකාරිනියන්ව හොඳටම අමාරුවේ වැට්ටුවා. කිසිම පිතිකාරිනියකට පිටියේ ස්ථාවර වෙන්න ඔවුන් ඉඩ දුන්නේ නැහැ.
දැන් අපේ සිංහ කෙල්ලෝ සූදානම් වෙන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව අද තරගයට මුහුණ දෙන්නයි. බලමුකෝ එතනදීත් මොකද වෙන්නේ කියලා.