ස්වභාවික මුහුණුවරින් එන මාරාන්තික අනතුර.. විදේශිකයින් රැවටූ ක්‍රීම් ජාවාරමක් මාතලේදී වටලයි!
ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදන බව පවසමින්, කිසිදු ප්‍රමිතියකින් තොරව ක්‍රීම් වර්ග නිෂ්පාදනය කළ මධ්‍යස්ථානයක් වටලන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමත්වෙලා තිබෙනවා.
මේ ප්‍රමිතියෙන් තොර ආලේපන භාවිතයෙන් ඔබේ සමට බරපතළ හානි ගෙනදෙන්න පුළුවන්.
ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග සැකසූ මේ නිෂ්පාදනාගාරය මාතලේ කවුඩුපැළැල්ල ප්‍රදේශයේදී වටලා තිබෙනවා.
මෙහි නිපදවන ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග දිවයින පුරා පිහිටි කුළුබඩු උද්‍යාන (Spice Gardens) වෙත ලබා දී අලෙවිකර ඇති බවට වාර්තා වුණා.
විශේෂයෙන්ම මෙරටට පැමිණෙන විදේශිකයන් ඉලක්ක කරගනිමින් ඉතා ඉහළ මිල ගණන් යටතේ මෙම නිෂ්පාදන අලෙවිකර තිබෙනවා.
මාවනැල්ල ප්‍රදේශයේ කුළුබඩු අලෙවිසැලක් වැටලීමේදී හෙළිවූ තොරතුරු මත මේ ප්‍රධාන නිෂ්පාදනාගාරය කොටු කර ගැනීමට හැකිවී තිබෙනවා.