කෑම කඩ පීරන්න පරීක්ෂකවරුන් 2000ක් පාරට! සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් රතු එළියක්!
Tuesday, 07 April 2026 - 15:57 | Views - 224
අලුත් අවුරුදු සමයේ කෑම බීම ගන්නා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) දැවැන්ත මෙහෙයුමක් මේ වනවිට ආරම්භ කරලා තිබෙනවා.

මේ වෙනුවෙන් පරීක්ෂකවරුන් දෙදහසක් දිවයින පුරා යෙදවූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.පී. බොරලැස්ස පවසා තිබෙනවා.

වියළි ආහාර, නිමි ආහාර හා පිසූ ආහාර සපයන සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන දැන් පරීක්ෂාවට ලක්වෙනවා. විශේෂයෙන්ම මගී ප්‍රවාහන බස්රථ නතර කරන තේ පැන් හා දිවා ආහාර ගන්නා හෝටල්, සතිපොළවල් හා ජංගම වෙළෙඳ රථ පිළිබඳව මේ වනවිට දැඩි අවධානයක් යොමු කරනවා.

සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිමින් සංවිධානය කරන අවුරුදු උත්සව සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට PHI සංගමය තීරණය කරලා තිබෙනවා. එවැනි උත්සව තහනම් කිරීමට පසුබට නොවන බවත්, අදාළ සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් සභාපතිවරයා අවධාරණය කළා.

සෞඛ්‍යාරක්ෂිතව අවුරුදු උත්සව පවත්වන ආකාරය ගැන දැනුවත් කිරීම් සිදුකරන අතරම, නීතිය උල්ලංඝනය කරන වෙළෙඳසල් හා හෝටල් වැටලීමට මේවන විටත් කණ්ඩායම් සීරුවෙන් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top