අවුරුදු ක්‍රීඩා වලට යන අයට සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ! අව්වේ සෙල්ලම් කරන එක ඒ තරම් හොඳ නැද්ද?
Tuesday, 07 April 2026 - 13:50 | Views - 412
මේ දවස්වල හැමෝම ඉන්නේ අවුරුදු උත්සව, ජන ක්‍රීඩා එක්ක හරිම කාර්යබහුලවෙලා. ඒත් සතුටින් සමරන මේ අවුරුදු කාලේ ඔබේ සෞඛ්‍යය ගැනත් පොඩ්ඩක් හිතන්න වෙලාව හරි.

මේ දිනවල පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ හිරු රශ්මිය ඉතාමත් දැඩි නිසා, එම කාලයේදී එළිමහන් ක්‍රීඩා හා පුහුණුවීම් නොකරන ලෙස රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමයේ සභාපති රොබින් ජෑන්ස් ප්‍රකාශ කළා.

අධික උෂ්ණත්වය නිසා ශරීරයේ ජලය හා ලවණ දහදිය මගින් වේගයෙන් බැහැර වන නිසා විජලනය වැනි තත්ත්වයන් ඇති වෙන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, මාංශපේෂීන් පෙරළීම, අධික තෙහෙට්ටුව, හිසරදය, කරකැවිල්ල හා වමනය වැනි රෝග ලක්ෂණ මතු වෙන්න පුලුවන්.

විශේෂයෙන්ම පාසල් දරුවන්, වැඩිහිටියන්, ගර්භණී මව්වරුන් වගේම හෘද රෝග, අධි රුධිර පීඩනය හා දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් තිබෙන අය මේ කාලගුණය ගැන දෙපාරක් හිතන්න ඕන.

මේ අවදානමෙන් බේරෙන්න නම් ක්‍රීඩා කිරීමට පෙර වගේම ක්‍රීඩා කරන අතරතුර සෑම මිනිත්තු 15-20 කට වරක් හොඳින් ජලය පානය කරන්න.

ඒ වගේම ඔබට හුස්ම ගැනීමේ අපහසුවක්, අධික ලෙස දහදිය දැමීම හෝ දහදිය දැමීම නතර වීම වැනි අමුතු ලක්ෂණයක් දැනුණොත් වහාම එම ක්‍රියාකාරකම් නතරකර විවේක ගන්නා ලෙස රොබින් ජෑන්ස් ප්‍රකාශ කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top