අවුරුද්දට ගෙදර යන්න බස් 1500ක් පාරට.. ඉන්ධන අර්බුදය නිසා ජනතාව පොදු ප්‍රවාහනයට මාරුවෙයි!
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ලබන 09 වැනිදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කරලා තිබෙනවා.
රටේ පවතින ඉන්ධන අර්බුදයත් එක්ක පුද්ගලික වාහනවලින් ගමන් කරන පිරිස අඩුවෙලා තිබෙන නිසා පොදු ප්‍රවාහනයට තිබෙන ඉල්ලුම ගොඩක් වැඩියි.
කොළඹ සිට හැටන්, බදුල්ල, මහනුවර ඇතුළු දුර බැහැර නගර රැසකට අමතර බස් රථ 1500ක් ධාවනයට එක් කරන බව ලංගම සභාපති සජීව කන්නන්ගර පවසා තිබෙනවා.
විශේෂයෙන්ම අධිවේගී මාර්ගයේ ගාල්ල සහ මාතර බලා යන මගීන් වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දීමට ද සැලසුම් කරලා තිබෙනවා.
අලුත් අවුරුදු සමයේ මගීන් කොටු නොවී ගම්බිම් බලා යැවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියද අමතර බස්රථ සූදානම් කර තිබෙනවා.
උඩරට දුම්රිය මාර්ගයේ පවතින අවහිරතා නිසා මගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට ලංගම බස් රථ වැඩිපුර යොදවන බව නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළා.
මගී අවශ්‍යතාවය අනුව බ්‍රහස්පතින්දා සිට විශේෂ දුම්රියවාර කිහිපයක්ද ධාවනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය සඳහන්කළා.