අද ඉඳන් රුපියල් 5000 දක්වා QR ගෙවීම්වලට සතයක්වත් කැපෙන්නේ නෑ... ජනපතිගෙන් වෙළෙඳුන්ට ලැබුණු විශේෂ සහනය මෙන්න
Monday, 06 April 2026 - 22:57 | Views - 171
මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට ඩිජිටල් ක්‍රමයට ගනුදෙනු කරන ශ්‍රී ලාංකිකයින්ට වගේම මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙඳුන්ටත් ඉතාමත් වැදගත් පුවතක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැන් නිවේදනය කර තිබෙනවා.


ඒ අනුව, ජාතික QR ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද නිල වශයෙන් ආරම්භ කළා. මෙය මෙරට ඩිජිටල් ආර්ථිකයේ දැවැන්ත පෙරළියක ආරම්භයක් ලෙසයි සැලකෙන්නේ.

මෙතෙක් කල් QR හරහා ගෙවීම් කිරීමේදී වෙළෙඳුන්ගෙන් අය කළ සේවා ගාස්තුව (MDR) නිසා බොහෝ දෙනෙක් මේ ක්‍රමය පාවිච්චි කරන්න අදිමදි කළා. නමුත් අද සිට ක්‍රියාත්මක වන පරිදි:

 
රුපියල් 5,000 දක්වා සිදු කරන සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරන සේවා ගාස්තුව සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. මෙම තීරණය මගින් කුඩා කඩ සාප්පු හිමියන්ට සහ පාරිභෝගිකයින්ට කිසිදු අමතර බරක් නැතිව ඩිජිටල් ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
 
ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (Cash-lite) දියුණු ආර්ථිකයක් කරා ගෙන යාම මෙහි මූලික අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top