බොන වතුරටත් 'කලපු වතුර' කලවම් වෙයිද? දැඩි පෑවිල්ලෙන් එන අලුත්ම කරදරය මෙන්න..
Sunday, 05 April 2026 - 16:51 | Views - 216
පවතින අධික රශ්මිය සහ දැඩි පෑවිල්ල නිසා අපේ රටේ ප්‍රධාන ගංගාවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මේ තත්ත්වය නිසා ඉදිරියේදී අපේ පානීය ජල සැපයුමට පවා බාධා එල්ල වීමේ ලොකු අවදානමක් මතුව තිබෙනවා. කැලණි, කළු, නිල්වලා හා වලවේ වැනි ප්‍රධාන ගංගාවල ජල ධාරිතාවය මේ වන විට සැලකිය යුතු ලෙස අඩුවෙලා තිබෙනවා.

ගංගාවල වතුර අඩු වන විට මුහුදු ජලය ගොඩබිම දෙසට ගලා ඒම (Saltwater intrusion) නිසා පානීය ජල මූලාශ්‍රවලට ලුණු මිශ්‍ර වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරිය බණ්ඩාර පැවසුවා.

දිවයිනේ ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම මේ වන විට පවතින්නේ 75%ක මට්ටමේයි. මේනිසා දෛනික ජල අවශ්‍යතාව වගේම වගා කටයුතුවලටත් අවශ්‍ය ජලය සැපයීමට ඉදිරියේදී බාධා ඇති.

පවතින අඩු වැසි රටාව නිසා ජලය ඉතාම අරපිරිමැස්සෙන් කළමනාකරණය කරගැනීමට පියවර ගන්නා ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ දවස්වල වතුර පාවිච්චි කිරීමේදී දෙපාරක් හිතන්න අමතක කරන්න එපා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top