ශ්‍රී මහා බෝ සමිඳු අභියසට දැයේ අස්වැන්න පූජා කරමු. 59 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යයට සියල්ල සූදානම්..
Sunday, 05 April 2026 - 13:50 | Views - 244
අනාදිමත් කාලයක සිට මෙරට ගොවි ජනතාව සිය අස්වැන්නෙහි අග්‍ර ඵලය බුදුන්ට පූජා කිරීමේ උතුම් චාරිත්‍රය ඉටුකරන ජාතික අලුත් සහල් මංගල්‍යය මෙවරත් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියල්ල සූදානම්කර තිබෙනවා.

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වෙන මෙය මෙවර සනිටුහන් වන්නේ 59 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය ලෙසයි.

මෙම උතුම් පුණ්‍ය කර්මය අප්‍රේල් 8 වැනි බදාදා හා අප්‍රේල් 9 වැනි බ්‍රහස්පතින්දා යන දෙදින පුරා පැවැත්වෙනවා. එදිනට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම මහ කන්නයේ නෙලාගත් අලුත් සහල් පාත්‍ර පෙරහරින් වැඩම කරවනවා.

අස්වැන්නෙහි අග්‍ර ඵලය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා පූජා කිරීමේ ප්‍රධාන උත්සවය අප්‍රේල් 9 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 7ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට නියමිතයි.

"අස්වනු අභිමනින් දැය සරු කරන ජාතික අලුත් සහල් මංගල්‍යය" යන්න මෙවර උළෙලේ තේමාව ලෙස තෝරාගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top