සරසවි දොරටු ඇරෙයි.. පසුගිය වසර 11 තුළ සිදුවූ වෙනස මෙන්න..
Sunday, 05 April 2026 - 11:27 | Views - 269
උසස් අධ්‍යාපනය හඹායන අපේ රටේ දරු දැරියන්ට සුබ පණිවිඩයක් ලැබී තිබෙනවා. ඒ පසුගිය දශකය පුරා මෙරට විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ ධාරිතාවය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබීමයි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ අලුත්ම වාර්තාවකට අනුව සරසවි දොරටු දැන් පෙරට වඩා පුළුල් වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

පසුගිය වසර 11ක (2014-2024) කාලය තුළ විශ්වවිද්‍යාලවලට බඳවාගත් සිසුන් සංඛ්‍යාව 18,096කින් වැඩි වී තිබෙනවා.

2014 වසරේදී විශ්වවිද්‍යාලවලට තෝරාගෙන තිබුණේ සිසුන් 25,643ක් පමණයි. එය අවම සුදුසුකම් ලැබූවන්ගෙන් 17.1%ක ප්‍රතිශතයක්න මුත් 2024 වසර වන විට මෙම සංඛ්‍යාව 43,237ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අවම සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් 25.2%කට සරසවි වරම් හිමි වී තිබීම විශේෂත්වයක්.

ධාරිතාව වැඩි වුවත්, 2022/2023 වර්ෂයට සාපේක්ෂව 2023/2024 වර්ෂයේදී සිසුන් ඇතුළත් කරගැනීම 1.84%කින් සුළු වශයෙන් අඩු වී ඇති බවත් එම වාර්තාවල සඳහන්. මේ අතර උපාධිය අවසන් කර පිටවන පිරිසට ඇති රැකියා වෙළඳපොළ පිළිබඳවත් සුබවාදී තොරතුරක් ලැබී තිබෙනවා.

2024 වර්ෂය අවසන් වන විට සමස්ත උපාධිධාරීන්ගෙන් 71%කටම රැකියා හිමි වී තිබීම සතුටට කරුණක්. ඉතින්, සරසවි සිහිනය දකින අපේ නංගිලා මල්ලිලාට මේ තොරතුරු ලොකු හයියක් වේවි..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top