මෙවර අවුරුද්දට තවත් අලුත් නැකතක්! තෙල් වළං ලිප තැබීම අදයි!
Sunday, 05 April 2026 - 10:30 | Views - 152
සිංහල අලුත් අවුරුද්ද එන්නත් කලින්ම මෙවර නැකැත් සිට්ටුවට අලුත්ම අංගයක් එක්වෙලා තියෙනවා. ඒ තමයි තෙල් වළං ලිප තබන නැකත.

මෙම සුවිශේෂී නැකත අද, එනම් 2026 අප්‍රේල් මස 05 වැනිදා ඉරිදා පූර්වභාග 11.08 ට යෙදී තිබෙනවා. රතු හා කහ මිශ්‍ර හෝ තඹවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තෙල් වළං ලිප තැබිය යුතු බව රාජ්‍ය අවුරුදු නැකැත් සිට්ටුවේ සඳහන් වෙනවා.

එළැඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් කැවිලි පිසීම ආරම්භ කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙය ඇත්තටම අලුත්ම නැකතක් නෙවෙයි. පැරණි ජන සම්ප්‍රදායේ 1863 වසරට පෙර මෙරට මුද්‍රිත ලිත් සම්ප්‍රදාය ආරම්භ වීමට පෙර ප්‍රාදේශීය වශයෙන් භාවිත වූ වටිනා චාරිත්‍රයක් බව ජ්‍යෝතිර්වේදීන් පවසනවා.

ආස්මී වැනි කැවිලි සකස් කිරීමට වැඩි කාලයක් අවශ්‍ය වන නිසා, අවුරුද්දට දින ගණනාවකට පෙර සිටම කැවිලි පෙති සකස් කිරීමේ අරමුණින් මෙම නැකත ශාස්ත්‍රානුකූලව නැවත හඳුන්වාදී තිබෙනවා.

විශේෂයෙන්ම මෙදින සියලුම කැවිලි සාදා අවසන් නොකරන අතර, එයින් සිදු කරන්නේ අලුත් අවුරුදු කැවිලි සැකසීමේ සුබ ආරම්භය සනිටුහන් කිරීම පමණයි. ඉතින් මෙවර අවුරුදු රස වැඩිකරන්න අදින් වැඩේ පටන් ගමු නේද?
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top