මොණරාගලින් ලෝකය දිනන්න යන ‘බට්ටි’... 19න් පහළ ශ්‍රී ලංකා නායකත්වයත් චමෝදිට..
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතය බැබළවීමට සිටින සුවිශේෂී තරුවක් වන 16 හැවිරිදි චමෝදි ප්‍රබෝධා නැත්නම් කාගේත් ආදරණීය ‘බට්ටි’, 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තීරණාත්මක තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම ඇයට හිමිවෙලා තිබෙනවා.
මොණරාගල, කුඹුක්කන ගම්මානයේ උපන් චමෝදි, වයස අවුරුදු 14දී ම 19න් පහළ ජාතික කණ්ඩායමට තේරී පත් වූයේ ඇගේ දක්ෂතාවය නිසාමයි. වමතින් පිට දඟ පන්දු යවන ඇය, මීට වසර දෙකකට පෙර ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සමඟ පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා නිසා ලෝකයේම අවධානය දිනාගත්තා.
චමෝදිගේ මේ ජයග්‍රහණය පිටුපස ඇත්තේ කඳුළු පිරි කතාවක්. දෛනික කුලී වැඩ කරන ඇගේ දෙමාපියන් සිය දියණියගේ ක්‍රිකට් සිහිනය වෙනුවෙන් තමන් සතු ඉඩම් පවා විකුණලා තිබෙනවා.
පාසල් ක්‍රිකට් කැඳවුම්කාරියක වූ අප්සාරි තිලකරත්න, චමෝදිගේ පන්දු යැවීමේ දක්ෂතාවය අහම්බෙන් දැක ඇයට අතහිත දීම මෙම ගමනට ලොකු ශක්තියක් වී තිබෙනවා.
අප්‍රේල් 7 වැනිදා සිට ආරම්භ වන තරගාවලියේදී අපේ ‘බට්ටි’ ඇතුළු කණ්ඩායම ජයග්‍රහණ රැසක් මෙරටට ගෙන එනු ඇතැයි මුළු රටම බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා.