සංචාරක පාරාදීසයක් බඳු හලාවත අඹකදවිල, ඉරණවිල වෙරළ තීරයේ පිහිටි සුපිරි හෝටලයක් සම්පූර්ණයෙන්ම කුලියට ගෙන, එහි රහසිගතව ලැගුම් ගෙන සිටි චීන ජාතිකයින් ඇතුළු 150 ක දැවැන්ත කල්ලියක් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය විසින් කොටු කරගත්තා.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මෙම විශේෂ වැටලීමේදී, අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචා සිදුකළ බවට සැකකෙරෙන චීන ජාතික කාන්තාවන් 7ක් සහ පිරිමින් 126ක් ද, වියට්නාම ජාතික කාන්තාවන් 3ක් සහ පිරිමින් 10ක් ද, මැලේසියානු ජාතිකයෙකු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්වෙලා තිබෙනවා.
පිටතට සාමාන්‍ය සංචාරකයින් පිරිසක් ලෙස පෙනී සිටියද, හෝටල් පරිශ්‍රය තුළ අතිනවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් මොවුන් සිදුකළ මෙම "හොර වැඩේ" පිළිබඳව හමුදා බුද්ධි නිලධාරීන් දීර්ඝ කාලයක සිට විමසිල්ලෙන් සිට ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් ඔවුන් සිය මෙහෙයුම් කටයුතුවල නිරතව සිට ඇති අතර, මෙම ජාත්‍යන්තර මූල්‍ය වංචා ජාලයේ සුලමුල සොයා මේ වන විට CID නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
රිමාන්ඩ් භාරයට පත් කර ඇති මෙම සැකකරුවන් සම්බන්ධ පුවත මේ වන විට මුළු හලාවත ප්‍රදේශයම කැළඹීමට සමත්ව තිබෙනවා.