ඉන්දියාවම හෙල්ලූ වෙන්දේසිය! රුපියල් බිලියන 1.67කට අලෙවි වූ සිතුවම මිළට ගත්තේ කවුද?
Saturday, 04 April 2026 - 10:26 | Views - 305
කලා ලෝකය උඩුයටිකුරු කරමින් ඉන්දියානු ඉතිහාසයේ සිතුවමක් අලෙවි වූ වැඩිම මිල වාර්තාව අලුත් කරන්නට 19 වන සියවසේ අපූරු නිර්මාණයක් සමත් වී තිබෙනවා. ප්‍රකට සිතුවම් ශිල්පී රාජා රවී වර්මා අතින් නිමවුණු "යශෝධා සහ ක්‍රිෂ්ණා" සිතුවම මෙලෙස ඉතිහාසගත වෙලා තිබෙනවා.

පසුගිය බදාදා දිල්ලි නුවර පැවැති 'සැෆ්රන්ආර්ට්' (Saffronart) වෙන්දේසියේදී මේ සිතුවම ඉන්දියානු රුපියල් බිලියන 1.67ක් (ඇමරිකානු ඩොලර් මිලියන 17.9ක් පමණ) අදහාගත නොහැකි මුදලකට අලෙවි වුණා. මීට පෙර එම්.එෆ්. හුසේන්ගේ සිතුවමක් තබා තිබූ වාර්තාව මේ සමඟින් සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබෙනවා.

මේ දැවැන්ත මුදල ගෙවා සිතුවම තමන් සතු කරගත්තේ ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදන ආයතනයක් වන 'ඉන්දියානු සේරම් ආයතනයේ' (Serum Institute of India) නිර්මාතෘ, ප්‍රකට බිලියනපති ව්‍යාපාරික සයිරස් පූනවාලා විසිනුයි. ඔහු පවසන්නේ මෙය "ජාතික උරුමයක්" බැවින් ඉදිරියේදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන බවයි.

1890 දශකයේදී තෙල් සායම්වලින් නිම කළ මෙම සිතුවමෙන් ඉතාමත් අපූරු දසුනක් නිරූපණය වෙනවා. ඒ තමයි කුඩා ක්‍රිෂ්ණා දෙවියන් සහ ඔහුගේ සුළු මව වන යශෝධා අතර ඇති ආදරණීය අවස්ථාවක් මෙහි දැක්වෙනවා. යශෝධා එළදෙනකගෙන් කිරි දොවමින් සිටින අතර, කුඩා ක්‍රිෂ්ණා කෝප්පයක් අතැතිව දඟකාර බැල්මකින් බලා සිටින අයුරු ඉතා ස්වභාවිකව මෙහි සිතුවම් කර තිබීම විශේෂත්වයක්.

රාජා රවී වර්මාගේ සිතුවම් ඉන්දියාවේ "කලා නිධනයක්" ලෙස නම් කර ඇති නිසා මේවා රටින් බැහැරට ගෙනයාම සපුරා තහනම් කර තිබෙනවා. ඒ නිසාම මේ මහා වෙන්දේසියට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබුණේ ඉන්දියානු ගැනුම්කරුවන්ට විතරයි.

දෙවියන්ව මිනිස් හැඟීම්වලට සමීප කළ රවී වර්මාගේ මේ සිතුවම, අද වන විට ලොවම අවධානය දිනාගත් වටිනාම මූල්‍යවත්කමක් බවටත් පත්වෙලා අවසානයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top