2028 සිට ඔලිම්පික් පිටිය උඩුයටිකුරු වෙයි..ඔවුන්ට ඔලිම්පික් පිටිය තහනම්ද?
Saturday, 04 April 2026 - 9:14 | Views - 311
ලොව පුරා කාන්තා ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වූ ගැටලුවකට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අවසානයේ විසඳුමක් ලබා දී තිබෙනවා. ඒ අනුව, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙළේ සිට සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට (Transgender women) සාමාන්‍ය කාන්තාවන් සමඟ තරගවැදීම සම්පූර්ණයෙන්ම තහනම් කළා.

මෙම දැඩි තීරණයට මූලිකම හේතුව වී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බලයට පත්වූ වහාම නිකුත් කළ විධායක නියෝගයයි. කාන්තා ක්‍රීඩාවල සාධාරණත්වය සුරැකීම වෙනුවෙන් ඔහු ගත් මෙම තීරණයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද දැන් හිසනමා තිබෙනවා.

නව නීතියට අනුව මින් ඉදිරියට කාන්තා අංශයෙන් තරග කිරීමට අවසර ලැබෙන්නේ ජීව විද්‍යාත්මකව තහවුරු කළ කාන්තාවන්ට පමණයි. මේ සඳහා එක්වරක් පමණක් සිදුකරන විශේෂ ලිංගභේද පරීක්ෂණයක් හඳුන්වාදී තිබෙනවා.

පසුගිය 2024 පැරිස් ඔලිම්පික් උලෙළේදී මෙම ලිංගභේදය පිළිබඳ ප්‍රශ්නය දැඩි ලෙස කතාබහට ලක්වුණා. විශේෂයෙන්ම බොක්සිං වළල්ලේදී රන් පදක්කම් දිනූ ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් සහ තායිවානයේ ලින් යූ ටිං යන ක්‍රීඩිකාවන්ට අනෙකුත් ක්‍රීඩිකාවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

ඉතාලි ක්‍රීඩිකා ඇන්ජෙලා කරිනි, ඉමාන් කලීෆ් සමඟ තරගයෙන් පසු අතට අත දීම පවා ප්‍රතික්ෂේප කරමින් විරෝධය පෑවා. ලින් යූ ටිං මීට පෙර ජාත්‍යන්තර බොක්සිං සංගමය පැවැත්වූ ලිංගභේද පරීක්ෂණයකින් අසමත්ව සිටියදී පැරිස් ඔලිම්පික් උලෙළට සහභාගී වීමට අවසර දීම ගැන බොහෝ දෙනා ප්‍රශ්නකළා. එමෙන්ම මීට පෙර දකුණු අප්‍රිකාවේ කැස්ටර් සෙමෙන්යා ද 2012 ලන්ඩන් සහ 2016 රියෝ ඔලිම්පික් උලෙළවලදී මෙලෙසම මතභේදයට ලක්වුණා.

මෙම නව තීරණයත් සමඟ ඉදිරියේදී කාන්තා ක්‍රීඩාපිටිය වඩාත් සාධාරණවනු ඇතැයි බොහෝ ක්‍රීඩාවිචාරකයින් මත පළකරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top