අවුරුදු 14න් ඒ ලෙවල් ගේම ගොඩදාපු පුංචි හාමුදුරුවෝ!
Friday, 03 April 2026 - 15:52 | Views - 282
මුළු රටේම කතාබහට ලක්වන සුපිරි දක්ෂයෙක් ගැන පුවතක් දැන් සමාජ මාධ්‍ය කළඹමින් පවතිනවා. සාමාන්‍යයෙන් ළමයෙක් අකුරු කරන වයසේදී, ඒ කියන්නේ වයස අවුරුදු 14දී උසස් පෙළ විභාගයට මුහුණ දීලා A සමාර්ථ 3ක්ම ලබාගත් අපූරු හිමිනමක් ගැනයි අද කියන්න යන්නේ.

මේ සුවිශේෂී ජයග්‍රහණය හිමිකරගෙන තිබෙන්නේ තිස්සමහාරාමයේ සුමන ධම්ම පොඩි හාමුදුරුවෝයි.

උන්වහන්සේගේ ගමන් මඟ ඇත්තටම ආශ්චර්යමත් එකක් කිව්වොත් නිවැරදියි. උන්වහන්සේ මහණ වෙලා තියෙන්නේ වයස අවුරුදු 3 1/2 වැනි ඉතාමත් කුඩා කාලයකදී හම්බන්තොට ශ්‍රී සුමේධාරාමයේදීයි.

වයස අවුරුදු 12දී සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා උන්වහන්සේ ලංකාවම පුදුම කළා. වයස 14දී පාලි, සංස්කෘත හා බුද්ධ ධර්මය යන විෂයයන් තුනටම A සමාර්ථ ලබාගෙන විශිෂ්ට ලෙස උසස් පෙළ ජයගෙන තිබෙනවා. මේ වනවිටත් උන්වහන්සේ ප්‍රාචීන විභාගය ඇතුළු තවත් විභාග රැසක්ම සමත් වෙලා ඉන්නේ.

දැනට මේ දක්ෂ පොඩි හාමුදුරුවෝ වැඩ වෙසෙන්නේ නාරාහේන්පිට සිරි කිරුළාශ්‍රම විහාරස්ථානයේයි. මෙවැනි සුවිශේෂී දක්ෂතා පෙන්වන දරුවන් අපේ මුලු රටටම ආඩම්බරයක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top