මුළු රටේම කතාබහට ලක්වන සුපිරි දක්ෂයෙක් ගැන පුවතක් දැන් සමාජ මාධ්‍ය කළඹමින් පවතිනවා. සාමාන්‍යයෙන් ළමයෙක් අකුරු කරන වයසේදී, ඒ කියන්නේ වයස අවුරුදු 14දී උසස් පෙළ විභාගයට මුහුණ දීලා A සමාර්ථ 3ක්ම ලබාගත් අපූරු හිමිනමක් ගැනයි අද කියන්න යන්නේ.
මේ සුවිශේෂී ජයග්‍රහණය හිමිකරගෙන තිබෙන්නේ තිස්සමහාරාමයේ සුමන ධම්ම පොඩි හාමුදුරුවෝයි.
උන්වහන්සේගේ ගමන් මඟ ඇත්තටම ආශ්චර්යමත් එකක් කිව්වොත් නිවැරදියි. උන්වහන්සේ මහණ වෙලා තියෙන්නේ වයස අවුරුදු 3 1/2 වැනි ඉතාමත් කුඩා කාලයකදී හම්බන්තොට ශ්‍රී සුමේධාරාමයේදීයි.
වයස අවුරුදු 12දී සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා උන්වහන්සේ ලංකාවම පුදුම කළා. වයස 14දී පාලි, සංස්කෘත හා බුද්ධ ධර්මය යන විෂයයන් තුනටම A සමාර්ථ ලබාගෙන විශිෂ්ට ලෙස උසස් පෙළ ජයගෙන තිබෙනවා. මේ වනවිටත් උන්වහන්සේ ප්‍රාචීන විභාගය ඇතුළු තවත් විභාග රැසක්ම සමත් වෙලා ඉන්නේ.
දැනට මේ දක්ෂ පොඩි හාමුදුරුවෝ වැඩ වෙසෙන්නේ නාරාහේන්පිට සිරි කිරුළාශ්‍රම විහාරස්ථානයේයි. මෙවැනි සුවිශේෂී දක්ෂතා පෙන්වන දරුවන් අපේ මුලු රටටම ආඩම්බරයක්.