පෝලිම් යුගය අවසන්ද? QR එකෙන් පස්සේ තෙල් ගැහුවටත් වඩා නොගහපු අය වැඩියි? මෙන්න ඇත්තම කතාව!
Friday, 03 April 2026 - 12:46 | Views - 167
ඉන්ධන පිරවුම්හල් අසල දින ගණන් හිටපු, රණ්ඩු කරපු පෝලිම් සංස්කෘතිය දැන් අතීතයට එකතුවෙලා. හැබැයි දැන් අලුත්ම කතාවක් ඇහෙන්න පටන් අරන්. ඒ තමයි "තෙල් තිබ්බත් ගහන්න මිනිස්සු එන්නෙ නැහැ" කියන එක. මේක ඇත්තක්ද? නැත්තම් නිකම්ම කතාවක් විතරද?

QR කේතය හඳුන්වා දුන්න මුල් දවස්වල තමන්ගේ කෝටාව කොහොම හරි ඉවර කරන්න පොරකපු රියදුරන් දැන් තමන්ට ලැබෙන ප්‍රමාණයටත් වඩා අඩුවෙන් තෙල් ගහන්න පුරුදු වෙලා. පිරවුම්හල් හිමියන් පවසන විදිහට ඉන්ධන මිල අහස උසට නැගීම මේකට ප්‍රධානතම හේතුව වෙලාතිබෙනවා.

දැන් වාහන හිමියන් තමන්ගේ පෞද්ගලික ගමන් බිමන් සෑහෙන්න සීමා කරලා තිබෙනවා. "අත්‍යවශ්‍යම දේකට මිසක් වාහනේ එළියට ගන්නේ නැහැ" කියන තැනට අද ජනතාව පත්වෙලා තිබෙනවා.

පසුගිය මාර්තු මාසය කියන්නේ ලංකාවේ තෙල් වෙළඳපොළට අසුභ කාලයක්. මාර්තු මුලදී මැදපෙරදිග යුද තත්ත්වය නිසා "ආයේ තෙල් නැති වේවි" කියන බයට මිනිස්සු තෙල් ගහගත්තා.

ඩීසල් ඉල්ලුම 177% (කි.ලී. 9,567) කින් වගේම පෙට්‍රල් ඉල්ලුම 201% (කි.ලී. 11,656) කින් ඉහළ ගියා.

මේ නිසා රජයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරන්න වුණත්, මාර්තු 27 වෙද්දී QR ක්‍රමය නිසි ලෙස ක්‍රියාත්මක වීමත් එක්ක මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණා කියලා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ පවසනවා.

මේ විදිහට ඉන්ධන භාවිතය පාලනය වීම නිසා ලංකාවට ලොකු වාසියකුත් වෙලා තියෙනවා. පෙට්‍රල් භාවිතය අඩුවීමෙන් විතරක් අමෙරිකානු ඩොලර් 910,906 ක විදේශ විනිමයක් ඉතිරි කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඩීසල් පැත්තෙනුත් සැලකිය යුතු ඉතිරියක් වාර්තාවෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top