පල්ලේකැලේ ‘සුරතලුන්ගේ සටන’ ලෙයින් තෙත් වෙයි.. මැච් එක බලන්න ගිය සිසුන් දෙදෙනාට බස් රථය මාරකයක් වෙයි..
මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (02 දා) උදෑසන ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වූ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා විද්‍යාර්ථ විද්‍යාලය අතර 66 වැනි ‘සුරතලුන්ගේ සටන’ මහා ක්‍රිකට් තරගය අතිශය ශෝචනීය පුවතක් හේතුවෙන් අතරමග නතර කිරීමට සිදුවෙලා තිබෙනවා.
තරගය නැරඹීමට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු බස් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුරකින් එක් සිසුවකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.
මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගයේ කුණ්ඩසාලේ පල්ලේකැලේ යුද හමුදා කඳවුර ඉදිරිපිටදී ඊයේ උදෑසන 6.10 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. උඩදුම්බර සිට මහනුවර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක මෙම සිසුන් ගමන් ගත් යතුරුපැදිය ගැටී ඇති අතර, සිසුන් දෙදෙනාම බස් රථයට යට වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මියගිය සිසුවා 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. බරපතළ තුවාල ලැබූ අනෙක් සිසුවා මේ වන විට මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී තරගය ආරම්භ වී තිබූ අතර, කාසියේ වාසිය දිනූ ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි විද්‍යාර්ථ විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 68ක් ලබා සිටියා. කෙසේවෙතත්, මෙම අවාසනාවන්ත මරණය සැලවීමත් සමඟ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා කළ යෝජනාවකට අනුව, දෙවිදුහල්වල විදුහල්පතිවරුන් සාකච්ඡා කර තරගය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පල්ලේකැලේ බලගොල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.