නොසිතූ ලෙස ඉහළට.. ඇලු‍මිනියම් මිලට මොකද මේ වුණේ..?
Tuesday, 31 March 2026 - 16:47 | Views - 139
වසර හතරකට පසු ලෝක වෙළදපොලේ ඇලු‍මිනියම් මිලෙහි ඉහළම අගය වාර්තා වී තිබෙනවා.


ඒ, පසුගිය සති අන්තයේ මැදපෙරදිග ප්‍රධාන නිෂ්පාදකයින් දෙදෙනෙකු ඉලක්ක කර එල්ල වූ ගුවන් ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙසයි.

ඒ අනුව ඇලු‍මිනියම් මිල සියයට 3කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් මෙට්‍රික් ටොන් එකක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 3,401 ක් ලෙසයි.

කලාපයේ ප්‍රමුඛතම ඇලු‍මිනියම් නිෂ්පාදකයින් වන එමිරේට්ස් ග්ලෝබල් ඇලු‍මිනියම් ආයතනය සහ ඇලු‍මිනියම් බහරේන් ආයතනයට එල්ල වූ එම ප්‍රහාරවලින් දැඩි හානි සිදුව තිබු අතර අදාළ ආයතන සඳහන් කළේ සිදුවූ හානිය මේ වනවිට ගණනය කරමින් සිටින බවයි.

මේ අතර හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ගාස්තුවක් අය කිරීමේ නව සැලසුමට ඉරාන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කමිටුවේ අනුමැතිය හිමිවීමත් සමඟ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.22 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 113. 55ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම අමෙරිකානු බොරතෙල් බැරලයක මිලද ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට පළමු වරට අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා යාම විශේෂත්වයක්.

මේ අතර ඉරානය සමඟ මැදිහත්කරුවන් මාර්ගයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බවත්, ටෙහෙරානය සිය න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් අත්හරින තෙක් සිය හමුදා මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කළා.

අල් ජසීරා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, හෝමුස් සමුද්‍ර සන්ධිය කෙසේ හෝ විවෘතව තැබීමට පියවර ගන්නා අතර, ඇමරිකාවේ යුද අරමුණු මාස ගණනකින් නොව සති කිහිපයකින් සපුරා ගත හැකි බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ඉරාන යුද්ධය අවසන් කිරීමේ කාලවකවානු පිළිබඳව තමන් කාලසටහනක් පවත්වාගෙන නොයන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top